සිකුරු ග්රහයාගේ වායුගෝලය අධ්යයනය කිරීම සඳහා සැලසුම් කර තිබූ ලොව ප්රථම පෞද්ගලික අභ්යවකාශ මෙහෙයුම මේ වන විට යම් ප්රමාදයකට ලක්වෙලා තියෙනවා. ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය (MIT) සහ රොකට් ලැබ් (Rocket Lab) සමාගම එකතු වෙලා තමයි මේ සුවිශේෂී මෙහෙයුම දියත් කරන්න සූදානම් වෙන්නේ. මේ මෙහෙයුමේ ප්රධාන අරමුණ වෙන්නේ සිකුරුගේ වලාකුළු අතරේ ජීවයේ සලකුණු තියෙනවද කියලා හොයලා බලන එකයි. ඒ සඳහා විශේෂ උපකරණයක් සිකුරු වායුගෝලයට යවන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා.
කෙසේ වෙතත්, මේ මෙහෙයුම සඳහා යොදා ගැනීමට නියමිත ‘නියුට්රෝන්’ (Neutron) රොකට්ටුව තවමත් පියාසැරි සඳහා සූදානම් නැති නිසා තමයි මෙහෙයුම කල් දාන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ රොකට්ටුවේ අත්හදා බැලීම් තවමත් සිදුවෙමින් පවතිනවා. මේ වන විට නාසා ආයතනය විසින් සපයන ලද තාප ආවරණයක් ඇතුළු බොහෝ තාක්ෂණික උපාංග සූදානම් කරලා තිබුණත්, රොකට්ටුව සූදානම් වන තුරු ඔවුන්ට බලා සිටීමට සිදුවෙලා තියෙනවා.
මේ ගැන අදහස් දක්වන MIT හි මහාචාර්ය සාරා සීගර් පවසන්නේ, මේක සිකුරු ග්රහයා වෙත යන මාලාවක පළමු පියවර පමණක් බවයි. අනාගතයේදී සිකුරු මත සංකීර්ණ කාබනික අණු හඳුනා ගැනීම සඳහා තවත් මෙහෙයුම් දියත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ පෞද්ගලික මෙහෙයුම සාර්ථක වුණොත්, අභ්යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ විශාල පෙරළියක් සිදුවනු ඇති බවයි විද්යාඥයන් විශ්වාස කරන්නේ.

Discussion & Feedback