Roblox සමාගම විසින් ඔවුන්ගේ ජංගම දුරකථන යෙදුම සඳහා ‘Build’ නමින් අලුත්ම විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. මේ හරහා කිසිදු පරිගණක ක්‍රමලේඛන දැනුමක් නැති කෙනෙකුට වුණත්, තමන්ට අවශ්‍ය දේ කෙටියෙන් ටයිප් කරලා (Text prompts) ඉතා පහසුවෙන් ගේම් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට, ‘වනාන්තරයක සිදුවන වික්‍රමාන්විත ගේම් එකක් ඕනෑ’ කියලා ටයිප් කළාම, AI තාක්ෂණය මගින් ඒ ගේම් එකේ මූලික සැකිල්ල ක්ෂණිකව නිර්මාණය කර දෙනවා. ඉන්පසුව පරිශීලකයන්ට තමන්ගේ කැමැත්ත පරිදි එය වෙනස් කරලා යාළුවන් එක්ක බෙදාගන්නත් හැකියාව තියෙනවා.
කෙසේ වෙතත්, මේ තාක්ෂණය නිසා ගුණාත්මක බවින් අඩු ගේම් විශාල ප්‍රමාණයක් වෙළඳපොළට එකතු වේවි කියලා බොහෝ දෙනෙක් බියක් දක්වනවා. ඒ වගේම, වෘත්තීය ක්‍රීඩා නිර්මාණකරුවන්ට මේ නිසා තරගයක් ඇති වේවි කියලත් මතයක් තියෙනවා. මේ ගැටලුව විසඳන්න Roblox සමාගම තීරණය කරලා තියෙන්නේ, වැඩිපුරම ක්‍රීඩකයන් නිරත වන ගේම් පමණක් ඉදිරියෙන් පෙන්වන්නයි. ඒ කියන්නේ, කවුරුත් නොගහන ගේම් එකක් නම් එය සොයාගන්න ලැබෙන්නේ නැහැ. මේ විශේෂාංගය මුලින්ම ජූලි 28 වැනිදා නවසීලන්තයේ සිටින වයස අවුරුදු 9ට වැඩි පරිශීලකයන් සඳහා අත්හදා බැලීමට නියමිතයි.
මේ අලුත් පහසුකම හරහා ගේම් නිර්මාණය කිරීමේ ක්ෂේත්රය තවත් වේගවත් වේවි කියලා සමාගම බලාපොරොත්තු වෙනවා. මීට අමතරව, ගේම් එකක් හදන අතරතුර නිර්මාණකරුවන්ට උදව් කරන්න AI නියෝජිතයන් (AI agents) හඳුන්වා දීමටත් ඔවුන් කටයුතු කරමින් ඉන්නවා. ඉදිරි මාස කිහිපය තුළ මේ සියලුම පහසුකම් ක්‍රියාත්මක කිරීමට Roblox සැලසුම් කර තිබෙනවා.

Discussion & Feedback