හොලිවුඩයේ දැවැන්තම සිනමා නිර්මාණ රැසකට දායක වෙමින් ඔස්කාර් සම්මාන තුනක් දිනාගත් ප්රවීණ සිනමා ශිල්පී රොබට් රිචඩ්සන් ගැන කියැවෙන ‘ද වයිට් ඩෙවිල්’ නම් වාර්තා චිත්රපටය මේ දිනවල ලෝක සිනමා ක්ෂේත්රයේ ලොකු කතාබහක් ඇති කර තිබෙනවා. චෙක් ජාතික සිනමා ශිල්පිනියක වන ජනා හොජ්ඩෝවා විසින් අධ්යක්ෂණය කළ මෙම වාර්තා චිත්රපටය නිර්මාණය වී තිබෙන්නේ ඉතාමත් අහඹු සිදුවීමක් මුල් කරගෙනයි. 2016 වසරේදී ශිෂ්ය ව්යාපෘතියක් ලෙස ඇරඹි මෙම නිර්මාණය, කොවිඩ් වසංගතය පැවති සමයේ රිචඩ්සන්ගේ නිවසේම රැඳී සිටිමින් ඔහු සමඟ කළ දීර්ඝ සාකච්ඡා සහ හෙළිදරව් කිරීම් ඔස්සේ වඩාත් අර්ථවත් එකක් බවට පත් වුණා.
ක්වෙන්ටින් ටැරන්ටිනෝ, ඔලිවර් ස්ටෝන් සහ මාටින් ස්කොර්සෙස් වැනි දැවැන්තයන් සමඟ වැඩ කළ රිචඩ්සන්, තමන්ගේ සිනමා දිවියේ අත්දැකීම් සහ අභියෝග ගැන මෙහිදී ඉතා විවෘතව කතා කරනවා. විශේෂයෙන්ම කොවිඩ් ලොක්ඩවුන් සමයේ තමන්ගේ පැරණි ඡායාරූප ඇල්බම සහ සිනමා දර්ශන නැවත සොයාගැනීමට අධ්යක්ෂවරිය දැක්වූ උනන්දුව ගැන ඔහු සිහිපත් කරන්නේ ලොකු සතුටකින්. අදටත් සිනමා තාක්ෂණය සමඟ ඉතා සමීපව කටයුතු කරන රිචඩ්සන්, තමන්ගේ ජීවිතයේ සැඟවුණු පැතිකඩයන් සහ සිනමාව කෙරෙහි ඇති ආශාව මෙම වාර්තා චිත්රපටය හරහා ප්රේක්ෂකයන්ට සමීප කර තිබෙනවා. සිනමාවට ආදරය කරන ඕනෑම කෙනෙකුට මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු නිර්මාණයක් බවයි විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback