හොලිවුඩයේ ජනප්රිය නළු රොබට් පැටින්සන් රංගනයෙන් දායක වන A24 ආයතනයේ නවතම අපරාධ චිත්රපටය වන ‘ප්රයිම් ටයිම්’ (Primetime) මේ දිනවල ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. මේ චිත්රපටයේ පැටින්සන් නිරූපණය කරන්නේ ‘ටු කැච් අ ප්රෙඩේටර්’ (To Catch a Predator) වැඩසටහනේ හිටපු නිවේදක ක්රිස් හැන්සන්ගේ චරිතයයි. හැබැයි මේ රංගනය සම්බන්ධයෙන් සැබෑ ක්රිස් හැන්සන්ම යම් විවේචනයක් එල්ල කරලා තියෙනවා. ඔහු කියන විදිහට පැටින්සන්ගේ රංගනය ටිකක් වැඩිපුර නාට්යමය වැඩියි. ඒ වුණත් ට්රේලරය බලනකොට තමන්ගේ හැසිරීම් රටාව ඔහු හොඳින් අනුකරණය කරලා තියෙන බවත් හැන්සන් පිළිගන්නවා.
මේ චිත්රපටය සම්බන්ධයෙන් තියෙන ප්රශ්නය මෙතනින් විතරක් නතර වෙන්නේ නැහැ. චිත්රපටය පෞද්ගලිකව නැරඹීමට ගිය අවස්ථාවේදී, තමන්ගේ නම සහ ප්රතිරූපය සම්බන්ධ අයිතිවාසිකම් පැවරීමට අදාළ ලේඛනවලට අත්සන් තබන ලෙස A24 ආයතනය තමන්ට බලපෑම් කළ බව හැන්සන් චෝදනා කරනවා. ඒ නිසා ඔහුට චිත්රපටය නැරඹීමේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. කොහොම වුණත්, මේක සැබෑ සිදුවීම් පාදක කරගත්තත් සම්පූර්ණයෙන්ම ප්රබන්ධ කතාවක් බව හැන්සන් සිහිපත් කරනවා. ලබන සැප්තැම්බර් 25 වැනිදා තිරගත වීමට නියමිත මේ චිත්රපටය ගැන ප්රේක්ෂකයෝ ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.

Discussion & Feedback