මේ වසරේ නෙට්ෆ්ලික්ස් වේදිකාවට එකතු වන වඩාත්ම බලාපොරොත්තු තබා ඇති චිත්රපටයක් විදියට ‘ද විස්පර් මෑන්’ (The Whisper Man) චිත්රපටය හඳුන්වන්න පුළුවන්. සුපිරි නළු රොබට් ඩි නිරෝ ප්රධාන චරිතයට පණ පොවන මේ ත්රාසජනක චිත්රපටය අගෝස්තු 28 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා ප්රේක්ෂකයන්ට දැකගන්න ලැබෙනවා. රුසෝ සහෝදරයන් නිෂ්පාදනයෙන් දායක වන මේ නිර්මාණයට මයිකල් කීටන්, ඇඩම් ස්කොට් සහ හැමිෂ් ලින්ක්ලේටර් වැනි ප්රවීණ නළු පිරිසක් එකතු වෙලා ඉන්නවා. මේ චිත්රපටය නිර්මාණය වෙන්නේ 2019 වසරේ නිකුත් වුණු ජනප්රිය නවකතාවක් ඇසුරින්. තමන්ගේ ගොදුරු රහසින් කතා කරමින් ලඟා කරගන්නා අද්භූත මිනීමරුවෙක් සොයා යන ගමනක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ.
චිත්රපටයේ අධ්යක්ෂණය ජේම්ස් ඇෂ්ක්රොෆ්ට් විසින් සිදු කරන අතර, ඔහු මීට පෙර නිර්මාණය කළ ‘ද රූල් ඔෆ් ජෙනී පෙන්’ වැනි චිත්රපටවල තිබුණු තියුණු බව සහ කුතුහලය මේ නිර්මාණයටත් හොඳින්ම බලපාන බවයි විචාරකයින් පවසන්නේ. 2026 වසරේ නෙට්ෆ්ලික්ස් වේදිකාවට ඉතා සාර්ථක වසරක් වෙලා තියෙනවා. ඒ නිසාම ‘ද විස්පර් මෑන්’ චිත්රපටයටත් නෙට්ෆ්ලික්ස් ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ චිත්රපට අතරට එකතු වෙන්න ලොකු හැකියාවක් තියෙනවා. ත්රාසජනක සහ අභිරහස් කතා වලට කැමති අයට මේ චිත්රපටය අනිවාර්යයෙන්ම මගහැරගන්න බැරි නිර්මාණයක් වේවි.

Discussion & Feedback