ප්රවීණ හොලිවුඩ් අධ්යක්ෂක සහ නළු රොබ් රයිනර් තමන් රංගනයෙන් දායක වූ අවසන් ටෙලි නාට්ය නිර්මාණය වන ‘ද බෙයාර්’ (The Bear) කතා මාලාව වෙනුවෙන් මරණින් පසු එම්මි සම්මානයකින් පිදුම් ලැබුවා. ඔහු මෙම සම්මානය දිනාගත්තේ ප්රහසන කතා මාලාවක හොඳම ආරාධිත නළුවා ලෙසයි. සම්මාන උළෙලේදී ඔහු වෙනුවෙන් සම්මානය භාරගත්තේ නිවේදිකා වෙන්ඩි මැක්ලෙන්ඩන්-කෝවි විසින්. එම අවස්ථාවේදී ප්රේක්ෂකාගාරයේ සිටි සියලුම දෙනා නැගී සිටිමින් ඔහුට ගෞරවයක් ලෙස ආචාර දැක්වීම විශේෂත්වයක් වුණා. රයිනර් මෙම චරිතයට එක්වීමට තීරණය කළේ ජේමි ලී කර්ටිස්ගේ දිරිගැන්වීම මත බවත් මෙහිදී සිහිපත් කෙරුණා.
රොබ් රයිනර් ‘ද බෙයාර්’ කතා මාලාවේ ඇල්බට් ෂ්නූර් නම් අවන්හල් ව්යාපාරිකයාගේ චරිතය ඉතා අපූරුවට නිරූපණය කළා. ඔහුගේ වියෝවෙන් පසු කතා මාලාවේ අවසාන කොටසේදී ඔහුට උපහාර දැක්වීමට නිර්මාණකරුවන් කටයුතු කර තිබුණා. රයිනර් විසින් අධ්යක්ෂණය කළ සුප්රසිද්ධ ‘ද ප්රින්සස් බ්රයිඩ්’ චිත්රපටයේ එන ජනප්රිය දෙබසක් වන ‘As you wish’ යන්න මෙම කතා මාලාවේදී යොදා ගනිමින් ඔහුට ගෞරවය පුද කළේ රසිකයන්ගේ හදවත් කම්පා කරමින්. 1974 සහ 1978 වසරවලදීත් එම්මි සම්මාන දිනාගත් රයිනර්, හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය නාමයක් ලෙස ඉතිහාසයට එක්වෙනවා. ඔහුගේ අකල් වියෝව සිනමා ලෝලීන් සැමවිටම සිහිපත් කරනු ඇති.

Discussion & Feedback