ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා AI සතිය 2026 සඳහා ‘ජාතික AI දොරටුව’ (National AI Gateway Partner) ලෙස Roar AI ආයතනය නිල වශයෙන් එක්වීමට කටයුතු කර තිබෙනවා. සැප්තැම්බර් 25 සිට 30 දක්වා කොළඹදී පැවැත්වෙන මෙම වැඩසටහන, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL මූලිකත්වයෙන් සංවිධානය කරන්නේ මෙරට තාක්ෂණික ක්ෂේත්රය නව මාවතකට යොමු කිරීමේ අරමුණින්. මෙහිදී AI හැකතෝනයක්, නායකයින්ගේ හමුවක් සහ විශේෂ ප්‍රදර්ශනයක් ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා.
Roar AI කියන්නේ ලෝකයේ ප්රමුඛ පෙළේ AI මාදිලි ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට සහ සංවර්ධකයින්ට ලබාගන්න පුළුවන් වේදිකාවක්. දැනට අපේ රටේ ව්‍යාපාරවලට AI තාක්ෂණය භාවිත කිරීමේදී මුදල් ගෙවීම්, තාක්ෂණික සහාය සහ දේශීය අවශ්‍යතාවලට ගැලපෙන විසඳුම් නොමැතිකම වැනි ගැටලු තියෙනවා. Roar AI හරහා මේ සියලු බාධක මඟහරවා ගනිමින්, දේශීය මුදලින් ගෙවීම් කරමින් ඉතා පහසුවෙන් AI තාක්ෂණය ව්‍යාපාරවලට එකතු කරගන්න පුළුවන්. මේ ගැන අදහස් දක්වමින් Roar Global හි ප්‍රධාන විධායක නිලධාරී මුස්තාපා කාසිම් මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට සහ ව්‍යාපාරවලට ලෝක මට්ටමේ AI තාක්ෂණය ප්‍රායෝගිකව භාවිත කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීම තම ආයතනයේ අරමුණ බවයි.
මෙම AI සතිය තුළදී ව්‍යාපාරිකයින්ට සහ තාක්ෂණික ක්ෂේත්රයේ නියැලෙන්නන්ට AI තාක්ෂණය හරහා නව නිෂ්පාදන සහ සේවාවන් නිර්මාණය කරන්නේ කොහොමද කියලා අත්දැකීම් ලබාගන්න පුළුවන්. ශ්‍රී ලංකාවට ගෝලීය AI ආර්ථිකය තුළ ශක්තිමත් ස්ථානයක් හිමිකර ගැනීමට අවශ්‍ය තාක්ෂණික යටිතල පහසුකම් සහ විශ්වාසය ගොඩනැගීම මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන අරමුණක් වෙනවා.

Discussion & Feedback