ලෝක උරුමයක් වන ගාල්ල කොටුව ඇතුළත පිහිටි චර්ච් වීදිය (Church Street) කොටසක් හදිසියේම කඩා වැටීම නිසා මේ වන විට එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. භූගත ජල පද්ධතියක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර, සති කිහිපයක සිට පවතින මෙම ගැටලුව නිසා ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට විශාල අපහසුතාවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. විශේෂයෙන්ම පවතින වැසි සහිත කාලගුණයත් සමඟ මෙම ස්ථානය වඩාත් අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ඉදිරියේදී උදාවන සංචාරක සමයත් සමඟ ගාල්ල කොටුව නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන්ට ද මෙම මාර්ගය අවහිර වීම නිසා දැඩි අපහසුතා ඇති වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කර ඇති අතර, ගාල්ල මහ නගර සභාව විසින් මේ වන විටත් භූගත කාණු පද්ධතිය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත්, සංචාරක සමය ආරම්භ වීමට පෙර මෙම මාර්ගය කඩිනමින් අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත් කරන ලෙස පදිංචිකරුවන් සහ ව්‍යාපාරිකයන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. තවදුරටත් මෙම අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වුවහොත් එය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට සහ දෛනික ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback