මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සතු වාහන අංක තහඩු නිකුත් කිරීමේ පවතින ප්රමාදය ඉදිරි මාස හය ඇතුළත සම්පූර්ණයෙන්ම විසඳන්න බලාපොරොත්තු වෙනවා කියලා මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් තුෂාර ප්රනාන්දු මහතා පවසනවා. පසුගිය මාර්තු 10 වැනිදා සිට නව කොන්ත්රාත්කරු විසින් අංක තහඩු 62,000ක් පමණ නිෂ්පාදනය කරලා තියෙනවා. තවමත් 2023 සහ 2024 වසරවල ලියාපදිංචි වුණු වාහන සඳහා අංක තහඩු 32,000ක් පමණ නිකුත් කිරීමට ඉතිරිව තිබෙනවා. මේ ගැටලුව විසඳන්න 2025 වසරේ ලියාපදිංචි වන වාහන සඳහා අලුත් ගිවිසුමක් ලබන සතියේ අත්සන් කිරීමට නියමිතයි. මේ වැඩපිළිවෙළ සාර්ථක වුණාට පස්සේ වාහනයක් ලියාපදිංචි කරලා දින හතක් ඇතුළත අංක තහඩුව ලබාගන්න පුළුවන් වෙනවා.
ඒ වගේම විදුලි වාහන සඳහා විශේෂ කොළ පැහැති අංක තහඩු නිකුත් කිරීම මේ වන විටත් ආරම්භ කරලා තියෙනවා. කාර්, ත්රිරෝද රථ, යතුරුපැදි සහ SUV ඇතුළු සියලුම විදුලි වාහන සඳහා මේ කොළ පැහැති තහඩු ඉදිරිපස සහ පසුපස යන දෙපැත්තටම සවි කරන්න ඕනේ. තවත් වැදගත් කරුණක් තමයි වාහනයක ලියාපදිංචි අයිතිකරුම එය පදවන්න ඕනේ නැහැ කියන එක. අයිතිකරුගේ බිරිඳට හෝ දරුවන්ට එම වාහනය පදවන්න පුළුවන්. හැබැයි වාහනයක් වෙනත් ආයතනයකට හෝ පාර්ශ්වයකට කුලියට දෙනවා නම්, ඒ සඳහා අනිවාර්යයෙන්ම අදාළ කුලී රථ රක්ෂණාවරණය ලබාගෙන තිබිය යුතු බවත් කොමසාරිස්වරයා වැඩිදුරටත් මතක් කරලා දෙනවා.

Discussion & Feedback