පසුගිය දිනවල නේපාලයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය නිසා විශාල පිරිසක් අතුරුදහන් වෙලා තියෙනවා. මේ අතරින් ට්‍රිෂුලි ගඟ ආශ්‍රිතව ඉදිකරමින් තිබූ ජල විදුලි බලාගාරයක උමගක වැඩ කරමින් සිටි පෙම්බා ඩුන්ඩු තමං කියන සේවකයා තමන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම ගැන විදෙස් මාධ්‍යයකට පවසා තිබුණා. හදිසියේම උමග තුළට ඇතුළු වූ ජල කඳෙන් බේරෙන්න ඔහුට විනාඩි විස්සක් පුරාවට දිව යන්න සිදුවෙලා තියෙනවා. ඒ මොහොතේ ඇති වූ තද සුළඟ නිසා බර යන්ත්‍ර පවා ඉවතට විසි වී ගිය බවත්, තමන් සිහි විකල් වූ තත්ත්වයෙන් දිවි ගලවා ගත් බවත් ඔහු පවසනවා.
මේ ව්‍යසනයෙන් තමංගේ මව, සහෝදරයා ඇතුළු පවුලේ සාමාජිකයන් හය දෙනෙක්ම අහිමි වෙලා තියෙනවා. තමන් ජීවත් වූ නිවස තිබූ තැන පවා අද වන විට කිසිවක් ඉතිරි වී නැති බව ඔහු කඳුළු පිරි දෑසින් පවසනවා. මේ වන විට නේපාලයේ මියගිය සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් ඇති අතර, තවත් දහස් ගණනක් අතුරුදහන් වී තිබෙනවා. හමුදාව සහ ගලවා ගැනීමේ කණ්ඩායම් උමං මාර්ගවල සිරවී සිටින සේවකයන් සොයා මෙහෙයුම් දියත් කරමින් සිටියත්, නිසි අනතුරු ඇඟවීමේ පද්ධතියක් තිබුණා නම් බොහෝ ජීවිත බේරා ගැනීමට ඉඩ තිබූ බවයි බොහෝ දෙනා පවසන්නේ. මේ වන විට දිවි ගලවා ගත් සේවකයන් දැඩි මානසික පීඩනයකින් සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයකින් පසුවන බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback