බ්‍රිතාන්‍ය ජාතික දේශපාලන විචාරකයෙක් සහ අන්තවාදී අදහස්වලින් නිතරම කතාබහට ලක්වෙන මයිලෝ යැනොපොලෝස්ව ඇමරිකාවේ ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. ඔහු ඇමරිකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටීම සහ නියමිත ආගමන විගමන නඩු විභාගවලට පෙනී නොසිටීම නිසා ඔහුට රටින් පිටවීමට නියෝග ලැබී තිබුණා. මේ වන විට ඔහු ලුසියානා ප්‍රාන්තයේ රඳවාගෙන ඉන්නේ ඔහුව නැවත බ්‍රිතාන්‍යයට පිටුවහල් කිරීමේ කටයුතු සිදුකරන්නයි. 41 හැවිරිදි යැනොපොලෝස් මීට පෙර බ්රයිට්බාර්ට් පුවත් සේවයේ සංස්කාරකවරයෙක් ලෙසත්, රැපර් කන්යේ වෙස්ගේ දේශපාලන සහායකයෙක් ලෙසත් කටයුතු කරලා තියෙනවා.
තමන්ව ‘අන්තර්ජාලයේ සිටින දක්ෂතම දුෂ්ඨයා’ ලෙස හඳුන්වා ගන්නා මොහු, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, මුස්ලිම් ප්‍රජාව සහ ස්ත්‍රීවාදීන් සම්බන්ධයෙන් දැඩි මතවාදී ප්‍රකාශ කරමින් නිතරම මතභේද ඇති කළ අයෙක්. ඔහු මීට පෙර ඇමරිකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන්ව පිටුවහල් කළ යුතු බවට දැඩිව පෙනී සිටියත්, අන්තිමේදී ඔහුටම ඒ ඉරණම අත්වීම බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙලා තියෙනවා. ඇමරිකානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ ඔහුට නැවත කිසි දිනෙක ඇමරිකාවට ඇතුළු වීමට අවසර නොලැබෙනු ඇති බවයි. මේ වන විට ඔහු ඇමරිකාවෙන් පිටුවහල් කර ඇති බවට වාර්තා පළවෙනවා.

Discussion & Feedback