ඇමරිකාවේ දැඩි ආගමන විගමන නීති ගැන නිතරම කතා කරපු, ඒ වගේම ඒ නීති තවත් දැඩි කරන්න ඕන කියලා උදේ හවා කියපු බ්‍රිතාන්‍ය ජාතික දක්ෂිණාංශික මතධාරී මයිලෝ යැනොපොලෝස්ව අවසානයේ ඇමරිකාවෙන් පිටුවහල් කරලා තියෙනවා. ඇමරිකානු ආගමන විගමන බලධාරීන් පවසන විදිහට, ඔහු නීති විරෝධී ලෙස ඇමරිකාවේ රැඳී සිටීම නිසා තමයි මේ පියවර අරන් තියෙන්නේ. 41 හැවිරිදි මයිලෝ, 2019 වසරේදී ඇමරිකාවට ඇතුළු වෙලා තියෙන්නේ නීත්‍යානුකූලව වුණත්, පසුව ඔහු වීසා බලපත්‍රයේ කාලය ඉක්මවා ගිහින් එරට රැඳී සිටීම තමයි මේ ප්‍රශ්නයට මුල් වෙලා තියෙන්නේ. පසුගිය අගෝස්තු 27 වෙනිදා නිව් ඕර්ලියන්ස් ගුවන්තොටුපළේදී ඔහුව අත්අඩංගුවට ගත්තාට පස්සේ, ඔහුව නැවත බ්‍රිතාන්‍යයට පිටුවහල් කරලා තියෙනවා.
මයිලෝ කියන්නේ තමන්වම ‘අන්තර්ජාලයේ සිටින දරුණුම දුෂ්ඨයා’ කියලා හඳුන්වා ගත්ත කෙනෙක්. ඔහු මීට කලින් ඇමරිකාවේ ආගමන විගමන වැටලීම්වලට සහයෝගය පළ කරමින්, නීති විරෝධී ලෙස ඉන්න අයව වහාම පිටුවහල් කරන්න ඕන කියලා සමාජ මාධ්‍ය හරහා හඬ නගපු කෙනෙක්. ඒ වගේම ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුල් කාලීන ආධාරකරුවෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. හැබැයි පසුකාලීනව ඔහු ට්‍රම්ප්ගේ ඇතැම් ක්‍රියාකාරකම් විවේචනය කරන්නත් පටන් ගත්තා. කොහොම වුණත්, දැන් ඔහුට ආපහු කවදාවත් ඇමරිකාවට ඇතුළු වෙන්න බැරි විදිහට තහනමක් පැනවෙන බවයි ආරංචි මාර්ග කියන්නේ. ඔහුගේ මෙම පිටුවහල් කිරීම ඇමරිකානු දේශපාලන කරළියේ ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback