ශ්‍රී ලංකාවේ දුම්පානය අවම කිරීම සඳහා ජාතික මධ්‍යසාර හා දුම්කොළ අධිකාරිය (NATA) විසින් නව උපායමාර්ගික සැලැස්මක් හඳුන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම 2010 වසරෙන් පසු උපන් අයට දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කිරීමේ යෝජනාවක් මෙහිදී ඉදිරිපත් වී තිබෙනවා. සෞඛ්‍ය අංශවල අරමුණ ඉතා යහපත් වුවත්, මෙවැනි තහනමක් මගින් සැබවින්ම දුම්පානය අඩු වේවිද නැත්නම් නීතිවිරෝධී ජාවාරම්කරුවන්ට වාසි සැලසේවිද යන්න පිළිබඳව දැන් බරපතල කතාබහක් ඇතිවෙලා තියෙනවා.
ලෝකයේ වෙනත් රටවල අත්දැකීම් දෙස බලන විට මෙය එතරම් සාර්ථක පියවරක් නොවන බව පෙනී යනවා. නවසීලන්තය වැනි රටවල් පවා නීතිවිරෝධී වෙළඳපොළක් බිහිවීමේ අවදානම නිසා මෙවැනි තහනම් ඉවත් කරගත්තා. භූතානය වැනි රටවල දුම්කොළ තහනම් කළ අවස්ථාවේදී සිදුවුණේ නීතිවිරෝධී ජාවාරම් වැඩි වී දුම්පානය තවත් ඉහළ යාමයි. දකුණු අප්රිකාවේදීත් මෙවැනිම තහනමක් නිසා නීත්‍යානුකූල වෙළඳාම සම්පූර්ණයෙන්ම අඩපණ වී, සියලුම පාරිභෝගිකයන් නීතිවිරෝධී ජාවාරම්කරුවන් වෙත යොමුවීමක් දක්නට ලැබුණා.
මේ නිසා, හුදෙක් තහනමක් පැනවීමෙන් පමණක් දුම්පානය පාලනය කළ නොහැකි බව පැහැදිලියි. මෙවැනි තීරණ ගැනීමේදී නීතිවිරෝධී ජාවාරම්කරුවන්ට අවස්ථාව ලබා නොදී, සැබෑ ලෙසම දුම්පානය අඩු කළ හැකි ක්‍රමවේදයක් ගැන රජය නැවත සිතා බැලිය යුතුයි. එසේ නොවුණහොත් සිදුවන්නේ රජයට ලැබෙන බදු ආදායම අහිමි වී, අපරාධකරුවන්ගේ ජාලයන් ශක්තිමත් වීම පමණයි.

Discussion & Feedback