හොලිවුඩයේ ජනප්රියම චිත්රපට මාලාවක් වන ‘Alien’ රසිකයන්ට ඉතාමත් සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ තමයි, අධ්යක්ෂක රිඩ්ලි ස්කොට් ‘Alien: Covenant’ චිත්රපටයෙන් පස්සේ අතරමග නතර වුණු කතාව ඉදිරියට ගෙන යන්න තවත් අලුත් චිත්රපටයක් නිර්මාණය කරන්න පටන් අරන් තියෙන එක. ඇත්තටම ‘Prometheus’ සහ ‘Covenant’ චිත්රපට දෙකේම තිබුණු නොවිසඳුණු ගැටලු සහ අතපසු වීම් මේ අලුත් නිර්මාණය හරහා නිවැරදි කරගන්න ස්කොට්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා.
අපි දන්නවා ‘Prometheus’ චිත්රපටයේදී මිනිස් වර්ගයාගේ සම්භවය ගැන සහ ‘Engineers’ලා ගැන ලොකු කුතුහලයක් ඇති කළා. හැබැයි ‘Covenant’ චිත්රපටයේදී ඒ කතාව වෙනතකට හැරිලා ඩේවිඩ් කියන රොබෝ චරිතය වටා කතාව ගොඩනැගුණා. දැන් මේ අලුත් චිත්රපටයෙන් ඩේවිඩ් අතේ තියෙන ‘Covenant’ නෞකාවේ ඉන්න මගීන් සහ ඔහු කරගෙන යන අත්හදා බැලීම් මොන වගේ අවසානයකට යයිද කියලා අපිට බලාගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම ඩේවිඩ්ගේ අතේ තියෙන දැනුම සහ ඔහු නිර්මාණය කරන අලුත් ජීවීන් කොහොමද මුල් Alien කතාවට සම්බන්ධ වෙන්නේ කියන එක මේ චිත්රපටයෙන් පැහැදිලි වෙයි කියලා රසිකයෝ ගොඩක් බලාපොරොත්තු වෙනවා.
දශකයකට ආසන්න කාලයක් තිස්සේ නතර වෙලා තිබුණු මේ අභිරහස් කතාවට අවසානයේදී රිඩ්ලි ස්කොට් සාධාරණයක් ඉටු කරයි කියලා තමයි හැමෝම හිතන්නේ. ඩේවිඩ් තමන්ගේම ලෝකයක් හදාගන්න දරන උත්සාහය සහ ඒ අතරතුර සිදුවන දේවල් මේ චිත්රපටයේ ප්රධාන තේමාව වෙයි. කොහොම වුණත්, මේ අලුත් නිර්මාණය Alien රසිකයන්ට නම් අනිවාර්යයෙන්ම මගහැරගන්න බැරි චිත්රපටයක් වේවි.

Discussion & Feedback