ලොව ප්රකට සිනමා අධ්යක්ෂක රිඩ්ලි ස්කොට් තමන්ගේ දිගුකාලීන සිනමා දිවියේ මෙතෙක් නොකළ අලුත්ම අත්හදා බැලීමක් කරන්න සූදානම් වෙනවා. ඒ තමයි බටහිර (Western) ශෛලියේ චිත්රපටයක් අධ්යක්ෂණය කිරීම. 1977 වසරේ ‘ද ඩුවලිස්ට්ස්’ චිත්රපටයෙන් සිනමාවට පිවිසි ස්කොට්, වසර 49ක් පුරා විවිධ ප්රභේද ඔස්සේ විශිෂ්ට නිර්මාණ රැසක් අපට තිළිණ කළා. ඒත් ඔහු තවමත් බටහිර චිත්රපටයක් කරලා නැහැ. දැන් ඔහු ඒ වාර්තාව වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ නවතම චිත්රපටය ගැන අදහස් දක්වමින් ස්කොට් කියන්නේ, තමන් ළඟ දැනටමත් ඉතා අභියෝගාත්මක පිටපතක් තියෙන බවයි. 1829 වසරේ පසුබිමක දිවෙන මේ කතාව, තනි වෙඩි උණ්ඩයකින් ක්රියාත්මක වන තුවක්කුවල සිට ස්වයංක්රීය රයිෆල් දක්වා තාක්ෂණය මාරු වන කාලවකවානුවක් ගැන කියැවෙනවා. හිමෙන් වැසුණු මහා තැනිතලාවක සිදුවන මේ කතාව චිත්රපට නිෂ්පාදකවරුන් පවා මවිතයට පත් කර තිබෙන බවයි ඔහු පවසන්නේ. මීට පෙර ‘ෆ්රීවෝකර්ස්’ නමින් බටහිර චිත්රපටයක් කිරීමට උත්සාහ කළත්, කාලගුණික ගැටලු නිසා එය අත්හැරීමට සිදුවුණා.
මේ අතර, ස්කොට්ගේ නවතම චිත්රපටය වන ‘ද ඩෝග් ස්ටාර්ස්’ අගෝස්තු 28 වැනිදා තිරගත වීමට නියමිතයි. ජේකබ් එලෝර්ඩි ප්රධාන චරිතයට පණ පොවන මේ චිත්රපටය ගැන රසිකයන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. ස්කොට්ගේ මේ නව බටහිර චිත්රපටයත්, ස්ටීවන් ස්පීල්බර්ග්ගේ ඉදිරි බටහිර චිත්රපටයත් සිනමා ලෝලීන්ගේ අවධානය දිනාගන්නා බව නම් ස්ථිරයි. රිඩ්ලි ස්කොට්ගේ මේ නවතම උත්සාහය සාර්ථක වේවායි අපි ප්රාර්ථනා කරමු.

Discussion & Feedback