ලෝක ප්රසිද්ධ ඇමරිකානු විකට නළුවෙක් සහ රංගන ශිල්පියෙක් වුණු රිචඩ් ප්රයර්ගේ ජීවිත කතාව ඇසුරින් අලුත්ම චිත්රපටයක් නිර්මාණය වෙන්න යනවා. මේ චිත්රපටය පාදක වෙන්නේ ඔහුගේ දියණිය වන එලිසබෙත් ස්ටෝඩියර් ප්රයර් විසින් ලියපු ‘Something We Said’ කියන මතක සටහන් පොත ඇසුරින්. ලැටිගෝ ෆිල්ම්ස් සහ ඉනෝගරල් එන්ටර්ටේන්මන්ට් ආයතන එකතු වෙලා තමයි මේ නිර්මාණය කරන්නේ. මේ පොතේ තියෙන්නේ ප්රසිද්ධ විකට නළුවෙක් වුණත්, පවුල තුළ ඔහු කොයි වගේ කෙනෙක්ද කියන එක සහ තාත්තා කෙනෙක් විදිහට ඔහු මුහුණ දුන්නු අභියෝග ගැන එලිසබෙත් ලියපු හරිම සංවේදී කතාවක්.
රිචඩ් ප්රයර් කියන්නේ ඇමරිකානු විකට කලාව වෙනස් කරපු, සමාජ ප්රශ්න ගැන නිර්භීතව කතා කරපු විශිෂ්ටයෙක්. මේ චිත්රපටය හරහා ඔහුගේ කලා දිවියේ තියෙන සාර්ථකත්වය වගේම, මත්ද්රව්ය සහ කීර්තිය එක්ක ඔහු සටන් කරපු හැටිත්, ඒ දේවල් ඔහුගේ පවුලේ අයට බලපෑවේ කොහොමද කියන එකත් අපිට බලාගන්න පුළුවන්. විශේෂයෙන්ම රිචඩ් ප්රයර්ගේ අතින් ලියවුණු රහස් සටහන් පොත් කිහිපයක් මේ චිත්රපටය සඳහා පාදක කරගන්නවා. මේ සටහන් වලින් ඔහුගේ ජීවිතයේ තිබුණු වේදනාව සහ දක්ෂතාවය ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා කියලා තමයි නිෂ්පාදකවරු කියන්නේ.
එලිසබෙත් කියන විදිහට මේක හුදෙක් මතක සටහන් පොතක් විතරක් නෙවෙයි, තාත්තා කෙනෙක්ව නැවත තේරුම් ගන්න දුවෙක් දරන උත්සාහයක්. මේ චිත්රපටයේ අධ්යක්ෂකවරයා සහ තිර රචකයා කවුද කියලා ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි. රිචඩ් ප්රයර්ගේ රසිකයන්ට ඔහුගේ ජීවිතයේ නොදුටු පැති ගැන දැනගන්න මේක හොඳ අවස්ථාවක් වේවි.

Discussion & Feedback