ප්රසිද්ධ බ්රිතාන්ය රූපවාහිනී ඉදිරිපත් කරන්නෙක් සහ නවකතාකරුවෙක් වන රිචඩ් ඔස්මන්ගේ නවතම පොතක් වන ‘We Solve Murders’ කෘතිය ඇසුරින් ටෙලි කතා මාලාවක් නිර්මාණය කිරීමට නෙට්ෆ්ලික්ස් ආයතනය කටයුතු කරමින් ඉන්නවා. පසුගිය කාලයේ ඔහුගේ ‘The Thursday Murder Club’ කෘතියත් නෙට්ෆ්ලික්ස් හරහා නිර්මාණය වුණා. මේ අලුත් වැඩේ ගැන බීබීසී නාලිකාවේ වැඩසටහනකදී අදහස් දක්වපු ඔස්මන්, නෙට්ෆ්ලික්ස් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඉන්නා බවත්, එය ඉතාමත් උද්යෝගිමත් ව්යාපෘතියක් වනු ඇති බවත් තහවුරු කළා. ඇත්තටම මේ පොත එළිදැක්වීමටත් පෙරම එහි අයිතිය නෙට්ෆ්ලික්ස් විසින් මිලදී ගෙන තිබීම විශේෂත්වයක්.
මේ කතාව ගෙතෙන්නේ පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය කරන ඇමී වීලර් සහ ඇගේ විශ්රාමික රහස් පරීක්ෂක මාමණ්ඩිය වන ස්ටීව් වීලර් වටායි. හුදකලා දූපතකදී හමුවන මළ සිරුරක් සහ මුදල් මල්ලක් නිසා ඇතිවන අභිරහසක් විසඳීමට මේ දෙදෙනා එකතු වෙනවා. ඉතාමත් කුතුහලය දනවන සිදුවීම් මාලාවකින් සමන්විත මේ කතාව නෙට්ෆ්ලික්ස් හරහා නැරඹීමට ලැබීම රසිකයන්ට ලැබෙන ලොකු අවස්ථාවක් වේවි. මේ වන විට ඔස්මන් සිය නවකතාවේ දෙවන කොටස වන ‘We Chase Shadows’ එළිදැක්වීමට සූදානම් වන අතර, ඉදිරි වසර කිහිපය ඔහුට ඉතා කාර්යබහුල කාලයක් වනු ඇති බවයි පෙනෙන්නේ.

Discussion & Feedback