‘රිච් ඩෑඩ් පුවර් ඩෑඩ්’ (Rich Dad Poor Dad) පොත හරහා ලෝකය පුරාම මූල්‍ය සාර්ථකත්වය ගැන උගන්වන රොබට් කියෝසාකි මේ දිනවල ලොකු කතාබහකට ලක්වෙලා ඉන්නවා. ඒ ඔහු ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක දැවැන්ත ණය බරක් දරාගෙන ඉන්නවා කියලා වාර්තා වීමත් එක්කයි. ඔහු කියන විදිහට මේ ණය බර ඇතිවෙලා තියෙන්නේ ඔහු ආයෝජනය කරලා තියෙන දේපළ වෙළඳාම් ව්‍යාපෘති නිසා. ඔහු මේ ණය ගැන හරිම සැහැල්ලුවෙන් කතා කරන්නේ, ධනවතුන් ආදායම් ලබන වත්කම් මිලදී ගන්න ණය භාවිතා කරන එක සාමාන්‍ය දෙයක් විදිහට සලකන නිසයි. හැබැයි ඔහුම කියනවා මේ දේ සාමාන්‍ය මිනිස්සු තමන් වගේ කරන්න යන්න එපා කියලා.
මේ ගැන ඔහුගේ හිටපු බිරිඳ කිම් කියෝසාකි කියන්නේ, මේ බිලියන ගණනක ණය මුදල රොබට්ගේ පෞද්ගලික ණය නෙවෙයි කියලයි. ඒක ඔවුන්ගේ හවුල් ව්‍යාපාරවලට සම්බන්ධ දේපළවලට ගත්තු ණය. රොබට්ගේ උපාය මාර්ගය වෙන්නේ දේපළවල වටිනාකම වැඩි වෙනකොට ඒ මත ණය අරගෙන බදු රහිත ආදායමක් විදිහට ඒ මුදල් පාවිච්චි කරන එකයි. සමහර මූල්‍ය විශේෂඥයන් මේක දක්ෂ උපාය මාර්ගයක් කියලා කිව්වත්, තවත් අය අනතුරු අඟවන්නේ මේ වගේ දැවැන්ත ණය බරක් පාලනය කරන්න බැරි වුණොත් ඒක සාමාන්‍ය ආයෝජකයෙක්ව ඉතා ඉක්මනින් බංකොලොත් භාවයට පත් කරන්න පුළුවන් කියලයි. කොහොම වුණත්, රොබට් කියෝසාකි තමන්ගේ මේ ‘ධනවත් පියාගේ ණය’ උපාය මාර්ගය ගැන තවමත් ඉන්නේ ලොකු විශ්වාසයකින්.

Discussion & Feedback