ඇමරිකාවේ සෞඛ්ය හා මානව සේවා ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් සහ සීඑන්එන් මාධ්යවේදිනී ඩේනා බෑෂ් අතර පැවති සම්මුඛ සාකච්ඡාවක් මේ වන විට ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා. ළමා එන්නත් සහ ඔටිසම් රෝගය අතර සම්බන්ධයක් තියෙනවාද යන්න පිළිබඳව ඩේනා බෑෂ් ප්රශ්න කළ අවස්ථාවේදී කෙනඩි ඇයට පවසා සිටියේ ඇය විද්යාඥයෙක් නොවන නිසා මේ දේවල් තේරුම් ගැනීමට අපහසු බවයි. කෙසේ වෙතත්, තමන් ද විද්යාඥයෙක් නොවන බව පෙන්වා දෙමින් ඩේනා බෑෂ් ඔහුට පිළිතුරු ලබා දුන්නා. එන්නත් සහ ඔටිසම් අතර සම්බන්ධයක් නොමැති බවට අධ්යයන 40කට අධික සංඛ්යාවක් ඔප්පු කර ඇති බව ඇය මෙහිදී අවධාරණය කළා.
ඇමරිකාව තුළ මේ දිනවල සරම්ප රෝගීන්ගේ වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, මේ සඳහා කෙනඩිගේ එන්නත් විරෝධී මතවාද බලපා ඇති දැයි ඩේනා බෑෂ් ඔහුගෙන් විමසා සිටියා. නමුත් කෙනඩි එම චෝදනාව තරයේ ප්රතික්ෂේප කරමින් පවසා සිටියේ මෙය ජාත්යන්තර මට්ටමේ ගැටලුවක් බවයි. වසර ගණනාවක් පුරා එන්නත් සම්බන්ධයෙන් විවිධ මත පළ කළ කෙනඩි, මෙවර සම්මුඛ සාකච්ඡාවේදී දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ තම දරුවන්ට MMR එන්නත ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව පුරාම දෙදෙනා අතර දැඩි වාද විවාද ඇති වූ අතර, එය සමාජ මාධ්ය තුළත් විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback