ඉතියෝපියාවේ හොසානා නගරයේ සිදුවූ කම්පන සහගත සිදුවීමක් ගැන මේ දිනවල ලෝකයේම අවධානය යොමුවෙලා තියෙනවා. ඒ ප්‍රදේශයේ කුඩා දරුවන් තිදෙනෙක් ජලභීතිකා රෝගය වැළඳී මියයාමත්, තවත් අසූ දෙනෙක් රෝහල්ගත වීමත් සමඟ ප්‍රදේශයේ බලගතු කණ්ඩායම් කිහිපයක් විසින් සුනඛයන් සිය ගණනක් මරා දැමීමට නියෝග කර තිබෙනවා. එන්නත් ලබා දී තිබූ සුනඛයන් පවා මරා දැමීමට සිදුවීම නිසා අයිතිකරුවන් දැඩි කම්පනයකට පත්ව සිටින අතර, සමහරුන් තම සුරතල් සතුන්ව ගස්වල එල්ලා මරා දැමීමට පවා බලකෙරී තිබීම හද කම්පා කරවන සුළුයි. මේ අමානුෂික ක්‍රියාවට එරෙහිව සත්ව හිමිකම් ක්‍රියාකාරීන් දැඩි විරෝධයක් එල්ල කරමින් සිටිනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන නගරාධිපති සැමුවෙල් ෂිගුටේ පවසන්නේ තමන් එවැනි නියෝගයක් ලබා නොදුන් බවත්, මෙය නීති විරෝධී ක්‍රියාවක් බවත්ය. කෙසේ වෙතත්, දේශීය පශු වෛද්‍යවරුන් පවසන්නේ දින කිහිපයක් ඇතුළත සුනඛයන් 400ත් 450ත් අතර ප්‍රමාණයක් ඉතා අමානුෂික ලෙස මරා දමා ඇති බවයි. මේ වන විට පොලිසිය මැදිහත් වී එම මරා දැමීම් නතර කර තිබුණත්, තවමත් නිවෙස්වලට ගොස් එන්නත් නොකළ සුනඛයන් ඉවත් කරන ලෙස බලපෑම් කිරීම් සිදුවන බව වාර්තා වෙනවා. සතුන්ට එරෙහිව සිදුවූ මේ අමානුෂික ක්‍රියාවට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන එන ලෙස ජනතාව සහ සත්ව සුබසාධන සංවිධාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback