Resident Evil සහ Silent Hill කියන්නේ ලෝකයේ වැඩිම දෙනෙක් ආදරය කරන භීෂණ වීඩියෝ ක්රීඩා දෙකක්. මේ ක්රීඩා ඇසුරින් චිත්රපට සහ ටෙලි නාට්ය කිහිපයක්ම නිර්මාණය වුණත්, ඒ කිසිවක් ක්රීඩාවේ තිබෙන බියකරු බව හෝ ගැඹුරු කතාව හරියටම ප්රේක්ෂකයාට ලබා දෙන්න සමත් වුණේ නැහැ. හැබැයි මේ හිඩැස පුරවන්න පුළුවන් අපූරු කතා මාලාවක් ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ තමයි MGM+ නාලිකාවේ විකාශය වන ‘From’ කියන කතා මාලාව. මේක හරියට Resident Evil වල තියෙන පැවැත්ම උදෙසා වන අරගලය සහ Silent Hill වල දකින්න ලැබෙන අද්භූත බියකරු බව එකට මුසු වුණු අපූරු නිර්මාණයක්.
මේ කතාව දිග හැරෙන්නේ කිසිවෙකුටත් ගැලවී යා නොහැකි අද්භූත නගරයක් වටායි. මෙහි එන බියකරු ජීවීන් සහ ඔවුන්ගේ හැසිරීම් Silent Hill ක්රීඩාවේ එන රාක්ෂයන් සිහිගන්වනවා. ඒ වගේම, මේ කතාවේ එන ප්රධාන චරිතය වන බොයිඩ් ස්ටීවන්ස්ගේ චරිතය Silent Hill 2 හි ජේම්ස් සන්ඩර්ලන්ඩ්ව සිහිගන්වන්නේ ඔහුගේ අතීතයේ තිබෙන වේදනාව සහ වරදකාරී හැඟීම නිසායි. කතාව පුරාම චරිතවලට විවිධ ප්රහේලිකා විසඳන්න සහ රහස් සොයාගන්න සිද්ධ වෙනවා. මේ දේවල් හරියටම වීඩියෝ ක්රීඩාවක් කරනවා වගේ අත්දැකීමක් ප්රේක්ෂකයාට ලබා දෙනවා.
දැනටමත් කතා මාලා හතරක් විකාශය වී ඇති ‘From’, තමන්ගේම අනන්යතාවයක් ගොඩනගා ගැනීමට සමත් වෙලා තියෙනවා. පස්වන කතා මාලාවෙන් මේ කතාවේ අවසානය දැකගන්න පුළුවන්. Resident Evil හෝ Silent Hill වැනි ක්රීඩා වලට ආදරය කරන කෙනෙක් නම්, මේ කතා මාලාව මගහැර ගන්න එපා. මේක ඇත්තටම භීෂණ කතා රසිකයන්ට ලැබුණු හොඳම තෑග්ගක් කිව්වොත් නිවැරදියි.

Discussion & Feedback