හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව ඔහු නැවත නැවතත් අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ ඇප මුදල් රාජසන්තක කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා පසුගිය අඟහරුවාදා (18) නියෝග කළා. මාතර බ්‍රවුන්හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල්වලින් මිලදී ගත් බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයට පිළිගත හැකි වෛද්‍ය වාර්තාවක් හෝ ඉදිරිපත් නොකර දිගින් දිගටම අධිකරණය මඟහැරීම නිසා මෙම තීරණය ගෙන තිබෙනවා.
මීට අමතරව, බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇපකරුවන් ලෙස අත්සන් තැබූ පුද්ගලයන් තිදෙනාට ද අධිකරණය විසින් දඩ මුදල් නියම කර ඇති අතර, එම දඩ මුදල් නොගෙවන්නේ නම් ඔවුන්ව බන්ධනාගාරගත කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඔහු අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුව 2026 ඔක්තෝබර් 27 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද අධිකරණය පියවර ගත්තා. නඩුවේ පළමු සහ දෙවන විත්තිකරුවන් එදින අධිකරණයේ පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයත්, විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් ද පෙනී සිටියා.

Discussion & Feedback