ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වෙනිසියුලාවේ අන්තර්කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් විසින් අත්සන් තැබූ නවතම තෙල් ගිවිසුම මේ වන විට ලෝක දේශපාලන කරළියේ ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. මේ ගිවිසුම හරහා වෙනිසියුලාවේ තෙල් ක්ෂේත්‍ර 17ක අයිතිය වසර 100කට ඇමරිකානු සමාගමකට හිමිවෙනවා. මේක වෙනිසියුලාවේ තියෙන මුළු තෙල් සංචිතයෙන් පහෙන් එකක් විතර විශාල ප්‍රමාණයක්. ට්‍රම්ප් මේක ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගිවිසුම විදිහට හඳුන්වද්දී, රොඩ්රිගස් කියන්නේ මේකෙන් රටට ඩොලර් බිලියන ගණනක ආදායමක් ලැබෙන බවයි. හැබැයි මේ ගිවිසුම පිටුපස තියෙන්නේ ඇමරිකාවේ ආධිපත්‍යය තහවුරු කරගැනීමේ උත්සාහයක් බව බොහෝ දෙනා චෝදනා කරනවා.
මේ ගිවිසුම යටතේ ඇමරිකානු රජයට ‘නෝත් ඇමරිකන් බ්ලූ එනර්ජි පාට්නර්ස්’ සමාගමේ අධ්යක්ෂ මණ්ඩල තීරණවලට පවා බලපෑම් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මැදපෙරදිග තෙල් සැපයුමේ තියෙන අවිනිශ්චිතතාවය මගහරවා ගන්න ඇමරිකාව මේ පියවර ගත්තත්, විචාරකයන් නම් කියන්නේ මේක නව යටත්විජිතවාදී ගමනක් බවයි. අනෙක් පැත්තෙන්, වෙනිසියුලාවේ තෙල් ක්ෂේත්රය මේ වන විට පවතින අබලන් තත්ත්වය නිසා, ට්‍රම්ප් කියන විදිහට කෙටි කාලයකින් ලාභ ලබන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. වසර ගණනාවක් තිස්සේ වෙනිසියුලාවේ තෙල් සම්පත් කළමනාකරණය කරපු විදිහ ගැන තියෙන අමිහිරි අත්දැකීම් එක්ක, මේ ගිවිසුම ඇත්තටම ජනතාවට සහනයක් වෙයිද නැත්නම් තවත් අර්බුදයකට මුල පුරයිද කියන එක ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback