චීනයේ බීජිං නුවර පදනම් කරගත් ‘ලෑන්ඩ්ස්පේස්’ (LandSpace) සමාගම විසින් අභ්යවකාශයට යැවූ ‘ෂුකේ-3’ (Zhuque-3) රොකට්ටුව ගොඩබෑමට ගත් පළමු උත්සාහය අසාර්ථක වී ගිනි බෝලයක් මෙන් පුපුරා ගිය ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් මේ වන විට අන්තර්ජාලය පුරා සංසරණය වෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම රොකට්ටුව සාර්ථකව කක්ෂගත වුවත්, පෘථිවියට නැවත ගොඩබෑමේදී එහි පළමු අදියරේ තාක්ෂණික දෝෂයක් හටගෙන තිබුණා. චීන රාජ්ය මාධ්ය මගින් නිකුත් කළ මෙම දර්ශනවලින් රොකට්ටුව ගොඩබෑමට පෙර අහසේදී කුඩා පිපිරීමකට ලක්වී, පසුව ගිනි ගනිමින් බිමට කඩා වැටෙන ආකාරය පැහැදිලිවම බලාගන්න පුළුවන්.
කෙසේ වෙතත්, මෙම අසාර්ථක අත්හදා බැලීමෙන් ලබාගත් පාඩම් ඔස්සේ ලෑන්ඩ්ස්පේස් සමාගම විශාල දියුණුවක් ලබා තිබෙනවා. පසුගිය අගෝස්තු 18 වැනිදා ඔවුන් සිදු කළ දෙවන මෙහෙයුම ඉතා සාර්ථක වුණා. එහිදී රොකට්ටුවේ පළමු අදියර කිසිදු ගැටලුවකින් තොරව නියමිත ස්ථානයට ගොඩබෑමට ඔවුන් සමත් වුණා. මෙය චීනයේ පෞද්ගලික අභ්යවකාශ සමාගමක් විසින් රොකට්ටුවක් සාර්ථකව ගොඩබෑ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙනවා. අභ්යවකාශ තාක්ෂණය අතින් චීනය මේ වන විට ලෝකයේ සෙසු රටවල් සමඟ කරට කර තරග කරමින් සිටින බවට මෙය හොඳම සාක්ෂියක්.

Discussion & Feedback