ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසල් සිසුන් මිලියන පහකට බයිබලයේ එන කතාන්දර ඉගෙන ගැනීම අනිවාර්ය කිරීමට එරට අධ්‍යාපන මණ්ඩලය තීරණය කරලා තියෙනවා. මේ අලුත් නීතිය 2030 වසරේ සිට ක්‍රියාත්මක වෙන්න නියමිතයි. මේ යටතේ ආදම් සහ ඒවගේ කතා වගේම මෝසස් තුමාට දෙවියන් දර්ශනය වූ අවස්ථා වැනි බයිබල් කොටස් සිසුන් අනිවාර්යයෙන්ම කියවිය යුතු වෙනවා. මේ තීරණයත් එක්කම ඇමරිකාවේ රාජ්‍ය සහ ආගමික ආයතන වෙන්ව පැවතිය යුතුයි කියන මූලධර්මය උල්ලංඝනය වන බවට විවිධ පාර්ශ්ව චෝදනා කරනවා. මේ ලැයිස්තුවට චාල්ස් ඩිකන්ස් සහ විලියම් ශේක්ස්පියර් වැනි ලේඛකයන්ගේ කෘතිත් ඇතුළත් වුණත්, බයිබල් කොටස් අනිවාර්ය කිරීම තමයි වැඩිම විරෝධයකට ලක්වෙලා තියෙන්නේ.
මේ තීරණයට පක්ෂව අදහස් දක්වන අය කියන්නේ ඇමරිකාවේ මූලාරම්භයට ක්‍රිස්තියානි සම්ප්‍රදායන් බලපෑ නිසා සිසුන් ඒ ගැන දැනගත යුතු බවයි. හැබැයි විවේචකයන් පවසන්නේ මේකෙන් ක්‍රිස්තියානි ආගම අනෙක් ආගම්වලට වඩා ඉහළින් තැබීමට උත්සාහ කරන බවයි. ඒ වගේම ගුරුවරුන්ට තමන්ගේ පන්ති කාමරයේදී උගන්වන දේවල් තීරණය කිරීමට තිබෙන නිදහස මේ නිසා සීමා වෙනවා කියලා ගුරු සංගම් පෙන්වා දෙනවා. පසුගිය කාලයේදී ටෙක්සාස් ප්‍රාන්තයේ පන්ති කාමරවල දස පනත ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීමත් සමඟම මේ වගේ ආගමික කරුණු සම්බන්ධයෙන් ඇමරිකාව තුළ ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.

Discussion & Feedback