හොලිවුඩ් සිනමාවේ ජනප්රිය නළු ඩ්වේන් ජොන්සන් හෙවත් ‘ද රොක්’ ප්රධාන චරිතයට පණ පොවන අලුත්ම චිත්රපටය වන ‘ලිසාඩ් මියුසික්’ (Lizard Music) සඳහා දක්ෂ නිළි රෙජිනා හෝල් එක්වීමට නියමිතයි. බෙනී සැෆ්ඩි අධ්යක්ෂණය කරන මෙම චිත්රපටය සජීවී රංගනය සහ CGI තාක්ෂණය මුසු වූ අපූරු නිර්මාණයක්. මෙහි රෙජිනා හෝල් රඟපාන්නේ ඩ්වේන් ජොන්සන්ගේ චරිතය වන ‘චිකන් මෑන්’ගේ මිතුරියකගේ සහ සේවිකාවකගේ චරිතයයි. ඇය සමඟ තියෝ ලෙබර්, ඇලිසියා සිල්වර්ස්ටෝන් සහ ටිම් හයිඩෙකර් වැනි ප්රවීණ නළු නිළියන් රැසක්ම මෙම චිත්රපටයට දායක වෙනවා.
ඩැනියෙල් පින්ක්වෝටර්ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වන මෙම කතාව ගෙතෙන්නේ අමුතුම ආකාරයේ සංගීතයක් වාදනය කරන කටුස්සන් පිරිසක් සොයා යන කුඩා පිරිමි ළමයෙකු වටායි. මේ ගමනේදී ඔහුට මුණගැසෙන ‘චිකන් මෑන්’ සහ ඔහුගේ වයස අවුරුදු 111ක් වන සුරතල් කුකුළා සමඟ එක්වී ඔවුන් සිදුකරන වික්රමාන්විත ගමන මෙහිදී දැකගන්න පුළුවන්. රෙජිනා හෝල් මෑතකදී ‘ස්කෙරි මූවි 6’ සහ ‘ද ෆයිව්-ස්ටාර් වීකෙන්ඩ්’ වැනි නිර්මාණ හරහා ප්රේක්ෂක ආදරය දිනාගත් අතර, ඇයගේ මෙම නවතම රංගනය ගැන රසිකයන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. ඇමසන් එම්ජීඑම් ස්ටූඩියෝස් සහ යුනයිටඩ් ආටිස්ට්ස් එක්ව නිෂ්පාදනය කරන මෙම චිත්රපටය සිනමා ලෝලීන්ට අලුත්ම අත්දැකීමක් වේවි.

Discussion & Feedback