ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී. නුවර පිහිටි සුප්‍රසිද්ධ ලින්කන් අනුස්මරණ රිෆ්ලෙක්ටින් පූල් එකට යම් පිරිසක් විසින් හානි කර ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. ජාතික උද්‍යාන සේවය පවසන විදිහට, මෑතකදී මිලියන ගණනක් වැය කර ප්‍රතිසංස්කරණය කළ මෙම තටාකයේ පතුලේ තිබූ ආස්තරණය (liner) තියුණු පිහියකින් හෝ රේසරයකින් කපා දමා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, කිසියම් පිරිසක් විසින් අඩි 300ක් දිග කැපුමක් සිදු කර ඇති බවත්, තටාකයේ ජලයට පොහොර වර්ගයක් එක් කර ඇති බවත්ය. කෙසේ වෙතත්, මේ හානිය සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නැහැ.
මෙම සිදුවීමට අමතරව, තටාකය තුළට වැටවල්වල තිබූ කණු 70ක් පමණ දමා විනාශ කර ඇති බවත් වාර්තා වෙනවා. මීට පෙර මෙම තටාකයේ ජලය කොළ පැහැ ගැන්වීම සහ තීන්ත ගැලවී යාම වැනි ගැටලු මතු වී තිබුණා. මේ වන විටත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසකට නීතිමය පියවර ගෙන තිබෙනවා. ඇමරිකාවේ නිදහස් දින සැමරුම් උත්සවයෙන් පසුව, තටාකයේ සිදු වී ඇති මෙම හානි නැවත පිළිසකර කිරීම සඳහා ජලය ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. 1920 දශකයේ ඉදිකළ මෙම ඓතිහාසික ස්ථානය වසර ගණනාවක් තිස්සේ විවිධ තාක්ෂණික ගැටලුවලට මුහුණ දෙමින් පවතින අතර, මෙවැනි විනාශකාරී ක්‍රියා හේතුවෙන් එය තවත් අර්බුදයකට ලක්ව තිබෙනවා.

Discussion & Feedback