මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණයත් එක්ක මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ තුන්වන මට්ටමේ රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. අද දහවල් දෙකට නිකුත් කරපු මේ අනතුරු ඇඟවීම හෙට දහවල් දෙක වෙනකම් වලංගු වෙනවා. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය, කෑගල්ලේ දෙහිඕවිට, අරණායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට වගේම නුවරඑළියේ කොත්මලේ සහ අඹගමුව වගේ ප්‍රදේශවල ඉන්න අයට තමයි මේ ගැන වැඩිපුරම සැලකිලිමත් වෙන්න වෙලා තියෙන්නේ.
මේ රතු නිවේදනය කියන්නේ හරිම අවදානම් මට්ටමක්. ඒ නිසා මේ ප්‍රදේශවල ඉන්න අයට කියන්න තියෙන්නේ වැස්ස දිගටම පැවතුනොත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම ආරක්ෂිත ස්ථානවලට යන්න කියලා. නායයෑම් ලක්ෂණ වගේම පොළොවේ ඉරි තැලීම්, ගල් පෙරළීම් වගේ දේවල් ගැන හරිම අවදියෙන් ඉන්න. මේ ප්‍රදේශවලට අමතරව තවත් දිස්ත්‍රික්ක කිහිපයකට පළමු සහ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් තවමත් ක්‍රියාත්මකයි. ඒ නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන උපදෙස් හොඳින් පිළිපදින්න කියලා අපි මතක් කරනවා.

Discussion & Feedback