Red Dead Redemption කියන්නේ ගේමින් ලෝකයේ අමතක නොවන විශිෂ්ටතම නිර්මාණයක්. ගොඩක් අය මේ දවස්වල දෙවැනි කොටස ගැන කතා කළාට, පළමු කොටසේ තියෙන ඒ අපූරු කතාව සහ ක්රීඩා විලාසය අදටත් ගොඩක් වටිනවා. හැබැයි කාලයත් එක්ක මේ ක්රීඩාවේ දෘශ්යමය පැත්ත ටිකක් පරණ වෙලා කියලා දැනෙන නිසා, ඒක අලුත් කරන්න රසිකයන් පිරිසක් එකතු වෙලා ‘Reality Redemption’ නමින් විශේෂ මෝඩ් (mod) එකක් හඳුන්වා දීලා තියෙනවා. මේක ඇත්තටම ගේම් එකේ පෙනුම සහ ක්රීඩා කරන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන අලුත් අත්දැකීමක්.
Nexus Mods හරහා ලබාගන්න පුළුවන් මේ මෝඩ් එක මගින් ක්රීඩාවේ තියෙන ප්රධාන අංග 300කට වඩා වැඩි ප්රමාණයක් දියුණු කරලා තියෙනවා. විශේෂයෙන්ම චරිතවල පෙනුම, වාහන, ගස් කොළන්, කාලගුණික තත්ත්වයන් සහ ආලෝකකරණය වගේ දේවල් අද කාලේ තියෙන ගේම්වලට සමාන මට්ටමකට ගේන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා Red Dead Redemption 2 සෙල්ලම් කරලා ආපු කෙනෙක්ට වුණත්, ආයෙත් මේ පළමු කොටස සෙල්ලම් කරනකොට කිසිම අපහසුවක් නැතුව ඒ ලෝකයට ඇතුළු වෙන්න පුළුවන්.
මේ වෙද්දී Rockstar සමාගම GTA VI වගේ ව්යාපෘතිවලට වැඩි අවධානයක් යොමු කරලා තියෙන නිසා, Red Dead මාලාවේ අනාගතය ගැන තවම නිශ්චිත දෙයක් කියන්න බැහැ. කොහොම වුණත්, මේ වගේ රසිකයන්ගේ කැපවීම නිසා පැරණි ක්රීඩා අලුත් විදිහට අත්විඳින්න ලැබීම ගේමර්ස්ලාට ලොකු සතුටක්. ඔයාලත් මේ ගේම් එකට ආස නම්, අනිවාර්යයෙන්ම මේ අලුත් වෙනස්කම් එක්ක ආයෙත් සැරයක් මේ ලෝකයේ සැරිසරලා බලන්න.

Discussion & Feedback