Red Dead Redemption 2 හි දර්ශනීය පසුබිම සහ Valheim හි තිබෙන අපූරු Survival අත්දැකීම් එකතු කරලා අලුත්ම ක්රීඩාවක් නිර්මාණය වෙමින් තියෙනවා. මේ ක්රීඩාවේ නම තමයි ‘The Legend of California’. Kintsugiyama සමාගම විසින් නිර්මාණය කරන මේ ක්රීඩාව ඇමරිකාවේ රන් ආකර යුගයේ (Gold Rush) සිදුවන අපූරු කතාවක්. මෙහිදී ඔයාලට තනියම හෝ යාළුවෝ එක්ක එකතු වෙලා මේ අභිරහස් දූපතේ ජීවත් වෙන්න, දඩයම් කරන්න, ගෙවල් හදන්න සහ රත්තරන් හොයන්න සිද්ධ වෙනවා.
මේ ක්රීඩාවේ විශේෂත්වය තමයි මෙහි තියෙන විවෘත ලෝකය (Open-world). ඔයාලට මෙහිදී විවිධ සතුන් එක්ක සටන් කරන්න වගේම, අනෙක් ක්රීඩකයන් එක්කත් තරඟ කරන්න පුළුවන්. තමන්ගේම කඳවුරක් හදාගෙන, අශ්වයන් ඇති කරලා, රත්තරන් පතල් හාරන එක ඇත්තටම හරිම ආස හිතෙන වැඩක්. යාළුවෝ හතර දෙනෙක්ට එකතු වෙලා එකම කණ්ඩායමක් විදිහට මේ ගමන යන්නත් මෙහි අවස්ථාව තියෙනවා. මේ ක්රීඩාව තවම නිකුත් කරන දිනයක් ප්රකාශ කරලා නැති වුණත්, Steam හරහා ඔයාලට මේ ගැන වැඩි විස්තර දැනගන්න සහ අත්හදා බැලීම් සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්.
ඔයාලා Red Dead Redemption 2 වගේ ක්රීඩා වලට කැමති නම්, අනිවාර්යයෙන්ම මේ ක්රීඩාවත් ඔයාලට ගොඩක් අල්ලලා යයි. සැප්තැම්බර් 17 ඉඳන් 21 වෙනකම් මේකේ හතරවෙනි Alpha පරීක්ෂණය පැවැත්වෙන නිසා, ඔයාලටත් මේ අත්දැකීම ඉක්මනින්ම ලබාගන්න පුළුවන්. ඉතින්, මේ වගේ වෙනස්ම විදිහේ Survival ක්රීඩාවකට ඔයාලත් කැමති නම්, අනිවාර්යයෙන්ම Steam එකේ මේක Wishlist කරලා තියාගන්න.

Discussion & Feedback