Red Dead Redemption 2 කියන්නේ ගේම් ලෝකයේ සුවිශේෂී සලකුණක්. ඒකේ තිබුණු දඩයම් කිරීමේ අත්දැකීම ගොඩක් දෙනෙක් ආසාවෙන් කරපු දෙයක්. දැන් ඒ වගේම අත්දැකීමක් අලුත් විදිහකට අරගෙන එනවා ‘Lost Ages Hunting’ කියන අලුත්ම ගේම් එක. මේක සාමාන්ය දඩයම් සිමියුලේටර් එකකට වඩා ගොඩක් වෙනස්. මොකද මේකේ ඔයාට වර්තමාන සත්තු විතරක් නෙවෙයි, ඩයිනෝසෝරයන් වගේ අතීතයේ හිටපු සත්තුන්වත් දඩයම් කරන්න පුළුවන්.
මේ ගේම් එකේදී ඔයාට යුරෝපීය කඳුකර ප්රදේශවල ඉඳන් අතහැර දාපු නගර දක්වා විවිධ පරිසරවල ගමන් කරන්න සිද්ධ වෙනවා. අයිස් යුගයේ හිටපු සත්තු වගේම ජුරාසික් පාර්ක් එකේ වගේ භයානක ඩයිනෝසෝරයන් දඩයම් කරන එක ඇත්තටම හිතාගන්න බැරි තරම් ආතල් එකක් වෙයි. දේශගුණික තත්ත්වයන් නිතරම වෙනස් වෙන නිසා මේක ඇත්තටම අභියෝගාත්මක ගමනක් වේවි.
මේ ගේම් එකේ සම්පූර්ණ පිටපත 2027 වසරේදී එළිදැක්වීමට නියමිතයි. ඒත් ඒකට කලින් ‘Early Access’ හරහා මේක අත්හදා බලන්න ඔයාට අවස්ථාවක් ලැබෙනවා. දැනටමත් මේකේ ඩෙමෝ එකක් නිකුත් කරලා තියෙන නිසා ඔයාට පුළුවන් ඒක ප්ලේ කරලා මේ අත්දැකීම කොහොමද කියලා බලන්න. Red Dead Redemption 2 වල දඩයම් කරන්න ආස කරන අයට නම් මේක අනිවාර්යයෙන්ම මගහැරගන්න හොඳ නැති ගේම් එකක් වෙයි.

Discussion & Feedback