Red Dead Redemption 2 කියන්නේ අදටත් ගේමින් ලෝකයේ ඉහළින්ම කතාබහට ලක්වෙන විශිෂ්ටතම නිර්මාණයක්. Rockstar සමාගම මේ දිනවල GTA 6 ගැන වැඩි අවධානයක් යොමු කළත්, Red Dead Online ක්රීඩකයින් වෙනුවෙන් තවමත් අලුත් දේවල් එකතු කරනවා. මේ මාසයේදී ඔබට Red Dead Online හරහා විශේෂ දීමනා රැසක් ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම Theodore Levin ගේ අභිරහස් මෙහෙයුම් සහ Telegram Missions හරහා ඔබට සාමාන්යයට වඩා තුන් ගුණයක (3X) RDO$, XP සහ Gold උපයා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. මේ සඳහා ඔබට තියෙන්නේ පෝස්ට් ඔෆිස් එකෙන් හෝ ඔබේ කඳවුරේ තියෙන Lockbox එකෙන් Telegram එකක් ලබාගෙන එය ක්රියාත්මක කිරීම විතරයි.
මේ දීමනා වලට අමතරව, අගෝස්තු 31 වෙනිදා දක්වා ක්රීඩාවට ලොග් වෙන ඕනෑම කෙනෙකුට සුවිශේෂී ඇඳුම් කට්ටලයක කොටස් නොමිලේ ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම ‘Frontiersman Hat’ එක සහ ‘Frontiersman Gloves’ ලබාගන්න මේ දිනවල ඔබට පුළුවන්. ඒ වගේම Rank 20 ඉන්න Collectors ලට ‘Frontiersman Neckerchief’ එකත්, Featured Series එක ජයග්රහණය කරන අයට ‘Burned Town Treasure Map’ එකත් නොමිලේ ලැබෙනවා. මේක ඇත්තටම Red Dead Redemption 2 ලෝකයට ආයෙත් ගොඩවදින්න ලැබෙන හොඳම අවස්ථාවක්. ඒ නිසා අගෝස්තු 31 වෙනිදාට කලින් මේ දේවල් ටික ක්ලේම් කරගන්න අමතක කරන්න එපා.

Discussion & Feedback