Red Dead Redemption 2 කියන්නේ කාලයක් තිස්සේ ගොඩක් දෙනෙක් ආසාවෙන් සෙල්ලම් කරන ජනප්රියම ක්රීඩාවක්නේ. ඉතින් මේ ක්රීඩාවේ ඉන්න රසිකයන්ට සතුටු වෙන්න පුළුවන් අලුත්ම ආරංචියක් Rockstar සමාගම විසින් ලබා දීලා තියෙනවා. මේ සැප්තැම්බර් මාසය පුරාවටම Red Dead Online හරහා ක්රීඩකයින්ට විශේෂ දීමනා සහ ත්යාග රැසක් ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම Moonshiner මෙහෙයුම්වල නිරත වෙන අයට තුන් ගුණයක RDO$ සහ XP ලබාගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සතියේ දිනවලදී විවිධ අභියෝග සම්පූර්ණ කරලා අලුත්ම ඇඳුම් පැළඳුම් සහ විශේෂිත භාණ්ඩ නොමිලේම එකතු කරගන්න ඔයාලට පුළුවන්.
මේ දීමනා අතරට “This Guy” ඉමෝට් එක, Black Woodland අත්වැසුම් සහ තවත් වටිනා ඇඳුම් කට්ටල ඇතුළත් වෙනවා. ඔක්තෝබර් 5 වෙනිදා වෙනකම්ම Wheeler, Rawson & Co. කැටලොග් එක හරහා නොමිලේම ඇඳුම් කට්ටල ලබාගන්නත් අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ක්රීඩාවට ලොග් වෙන ඕනෑම කෙනෙක්ට විශේෂ ඡායාරූප සහ තෑගි හිමිවෙනවා. දැනට Rockstar සමාගම GTA VI ගැන වැඩි අවධානයක් යොමු කරලා හිටියත්, Red Dead Redemption රසිකයන් වෙනුවෙන් මෙවැනි දීමනා ලබාදීම ඇත්තටම වටිනවා. ඉතින් ඔයාලත් මේ දවස්වල Red Dead Online සෙල්ලම් කරනවා නම්, මේ අවස්ථාව මගහැරගන්නේ නැතුව ඔයාලගේ ත්යාග ටික ඉක්මනින්ම ලබාගන්න.

Discussion & Feedback