Red Dead Redemption 2 කියන්නේ අදටත් ලෝකයේ ගොඩක් දෙනෙක් ආසාවෙන් සෙල්ලම් කරන ක්රීඩාවක්. විශේෂයෙන්ම මේකේ තියෙන Red Dead Online අත්දැකීම ගොඩක් ක්රීඩකයින්ට අලුත් අත්දැකීමක් වුණා. ඉතින් මේ දවස්වල Rockstar Games ආයතනය විසින් Red Dead Online ක්රීඩකයින් වෙනුවෙන් විශේෂ දීමනා සහ අලුත් ඉසව් කිහිපයක්ම හඳුන්වා දීලා තියෙනවා. මේ මාසයේදී Moonshiner Bonuses හරහා ක්රීඩකයින්ට 3X RDO$ සහ XP ලබාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම Moonshiner Story Missions සහ Free Roam Missions හරහාත් මේ වගේ විශාල වාසි ලබාගන්න ඔයාලට අවස්ථාව තියෙනවා.
මේ දීමනා ඔක්තෝබර් මාසයේ මුල් සතිය දක්වා විතරයි ක්රියාත්මක වෙන්නේ. ඒ නිසා ඔයාලා තාමත් මේ දේවල් ලබාගත්තේ නැත්නම් ඉක්මනින්ම ක්රීඩාවට ලොග් වෙන්න. මේ කාලය ඇතුළත Chambliss Corset, Charro Jacket වගේ කලින් තිබුණු සීමිත ඇඳුම් පැළඳුම් නැවතත් වෙළඳසැලෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම Featured Series හරහාත් අමතර ත්යාග දිනාගන්න ඔයාලට පුළුවන්. මේ හැමදේම අමතරව, අලුත් Community-Inspired ඇඳුම් කට්ටලයක් ඔක්තෝබර් 5 වෙනිදා වෙනකම් Wheeler, Rawson & Co. කැටලොග් එක හරහා ලබාගන්නත් පුළුවන්.
ඉතින් ඔයාලා Red Dead Online වලට ආස කෙනෙක් නම්, මේ ලැබෙන අවස්ථාවන් මගහැරගන්න එපා. තව දවස් කිහිපයක් විතරයි මේ විශේෂ දීමනා ලබාගන්න ඉතිරි වෙලා තියෙන්නේ. ඒ නිසා ඉක්මනින්ම ගිහින් මේ වරප්රසාද ටික ලබාගෙන ඔයාගේ චරිතය තවත් ලස්සන කරගන්න.

Discussion & Feedback