දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ගාල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ තුන්වන මට්ටමේ හෙවත් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. අද පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනවා. විශේෂයෙන්ම ගාල්ලේ නෙළුව, නාගොඩ, නියාගම සහ තවලම, මහනුවර ගඟ ඉහළ කෝරළය, උඩපළාත, දොළුව සහ පස්බාගේ කෝරළය මෙන්ම නුවරඑළියේ කොත්මලේ සහ අඹගමුව වැනි ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටිය යුතුයි. වර්ෂාව තවදුරටත් පැවතුනහොත් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා.
මීට අමතරව ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක රැසකට දෙවන මට්ටමේ සහ පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. බෑවුම් සහිත ප්‍රදේශවල පදිංචි අය නිවසේ බිත්තිවල ඉරිතැලීම්, පොළොවේ ගිලා බැසීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම වැනි අසාමාන්‍ය ලක්ෂණ දකින්න ලැබෙනවා නම් වහාම එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථානයකට යන්න. නායයෑම් අවදානමක් පවතින ප්‍රදේශවල ජනතාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන උපදෙස් පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටීම ඉතා වැදගත්.

Discussion & Feedback