දකුණු කොරියාවේ ජියෝජේ නගරයට පසුගිය දින කිහිපයේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ඇති වූ පස් කඳු කඩා වැටීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ අනතුරෙන් තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, පස් කන්ද කඩා වැටීම නිසා මහල් නිවාස සංකීර්ණයක පහළ මාලය සම්පූර්ණයෙන්ම යටවී තිබෙනවා. 1972 වසරේ සිට මේ දක්වා වාර්තා වූ වැඩිම වර්ෂාපතනය ලෙස ජියෝජේ නගරයේ පැයක කාලයක් තුළ මිලිමීටර් 124.5ක වර්ෂාවක් පතිත වී ඇති අතර, රාත්‍රිය පුරා මිලිමීටර් 400කට අධික වර්ෂාපතනයක් ලැබීම නිසා නගරයේ වීදි ජලයෙන් යටවී වාහන පවා ගසාගෙන යන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්න පුළුවන්.
මේ දිනවල ආසියානු කලාපයේ රටවල් කිහිපයකටම බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජපානය, චීනය සහ පිලිපීනය වැනි රටවලත් විශාල විනාශයන් සිදුවෙලා තියෙනවා. විශේෂයෙන්ම එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මෙවර සුළි කුණාටු සහ වර්ෂාව සාමාන්‍යයට වඩා දරුණු වී ඇති බව කාලගුණ විද්‍යාඥයන් පවසනවා. මේ නිසා ජියෝජේ නගරයේ සංචාරක ස්ථාන වසා දැමීමටත්, බස් රථ ධාවනය සහ කසළ එකතු කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමටත් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ජනතාවට අනතුරුදායක ප්‍රදේශවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත් බලධාරීන් දිගින් දිගටම දැනුම් දෙනවා.

Discussion & Feedback