හොලිවුඩ් සිනමාවේ ජනප්රිය නිළියක් වන රෙබෙල් විල්සන් තමන්ගේ අධ්යක්ෂණයෙන් එළිදැක්වෙන ‘ද ඩෙබ්’ (The Deb) චිත්රපටයේ රංගන ශිල්පිනියක වන චාලට් මැකිනස් සමඟ පැවති නඩු විභාගයකින් ජයග්රහණය කරලා තියෙනවා. චාලට් මැකිනස් විසින් රෙබෙල් විල්සන්ට එරෙහිව ගොනු කර තිබුණේ ඇය තමන්ගේ කීර්ති නාමයට හානි කළ බව පවසමින්. විශේෂයෙන්ම චිත්රපටයේ නිෂ්පාදකවරියක් වන අමන්දා ගෝස් සහ මැකිනස් අතර සිදුවූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් රෙබෙල් විල්සන් සමාජ මාධ්ය ඔස්සේ පළ කළ අදහස් නිසා තමන් අපහසුතාවයට පත් වූ බව මැකිනස් චෝදනා කර තිබුණා.
කෙසේ වෙතත්, සිඩ්නි අධිකරණයේ විනිසුරු එලිසබෙත් රේපර් මෙම නඩුව විභාග කිරීමෙන් අනතුරුව තීන්දු කළේ රෙබෙල් විල්සන්ගේ ප්රකාශයන් අපහාසාත්මක නොවන බවයි. මැකිනස් තමන්ට සිදුවූ බව කියන අතවරය සම්බන්ධයෙන් පසුව තම ප්රකාශය වෙනස් කර තිබීම සහ ඇයගේ කීර්ති නාමයට බරපතළ හානියක් සිදුවී ඇති බව ඔප්පු කිරීමට අපොහොසත් වීම මෙම තීන්දුවට ප්රධාන හේතුව වුණා. විනිසුරුවරිය සඳහන් කළේ විල්සන්ගේ සමාජ මාධ්ය සටහන් කිසිදු නීති විරෝධී හෝ අපහාසාත්මක ස්වභාවයකින් යුක්ත නොවන බවයි.
තීන්දුව ලැබීමෙන් පසු අදහස් දක්වමින් රෙබෙල් විල්සන් පවසා තිබුණේ තමන් මේ ගැන ගොඩක් සතුටු වන බවයි. ඇය පවසන්නේ තමන් සැමවිටම සත්ය වෙනුවෙන් පෙනී සිටි බවත්, දැන් මේ නීතිමය ගැටලුව අවසන් වීම ගැන තමන් කෘතඥ වන බවත්ය. ‘ද ඩෙබ්’ චිත්රපටය තමන්ගේ හදවතට ඉතා සමීප නිර්මාණයක් බවත්, දැන් තමන්ගේ අවධානය යොමු කරන්නේ පවුලේ අය සහ වැඩ කටයුතු වෙනුවෙන් පමණක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback