හූලු (Hulu) නාලිකාවේ ජනප්රියම නීතිමය කතාමාලාවක් වන ‘Reasonable Doubt’ හි තුන්වන සමය අවසානයේදී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු, මේ වන විට සිව්වන සමය පිළිබඳව රසිකයන් අතර ලොකු කුතුහලයක් ඇති වෙලා තියෙනවා. නිකුත් වුණු අලුත්ම ට්රේලරයට අනුව, වෙඩි ප්රහාරයට ලක්වූයේ ජැක්ස් බව තහවුරු වෙලා තියෙනවා. ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙන අයුරුත්, ඇගේ සැමියා ලුවිස් සහ කොරී කැෂ් ඇයව දිරිමත් කරන අයුරුත් මේ ට්රේලරයෙන් බලාගන්න පුළුවන්. මොනිකා විසින් ජැක්ස්ව වෙඩි තබා තුවාල කරන්නේ ඇගේ වෘත්තීය ජීවිතය විනාශ කළා කියන කෝපය නිසයි.
ජැක්ස් රෝහලේ ඉන්න අතරතුර ඇගේ නීති ආයතනයට විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇය නොමැති අවස්ථාවෙන් ප්රයෝජන ගන්නා පැරණි ආයතනය ඇගේ සේවාදායකයන්ව උදුරා ගැනීමට උත්සාහ කරනවා. මේ සමය පුරාම ජැක්ස්ගේ ජීවිතය බේරා ගැනීම සහ ඇගේ නීති ආයතනය කඩා වැටීමෙන් බේරා ගැනීම වටා කතාව ගෙතී තිබෙනවා. ඔක්තෝබර් 6 වනදා සිට කථාංග තුනක් සමඟින් ආරම්භ වන මෙම නව සමය, සෑම අඟහරුවාදාවකම විකාශය වීමට නියමිතයි. ඇත්තටම ජැක්ස්ට නැවතත් තම ආයතනය ගොඩනඟන්න පුළුවන් වෙයිද? මොනිකාට ඇය කළ දේට දඬුවම් ලැබෙයිද? මේ ප්රශ්නවලට උත්තර දැනගන්න නම් ඔයාලටත් මේ කතාමාලාව නරඹන්නම වෙනවා.

Discussion & Feedback