ප්රයිම් වීඩියෝ ඔස්සේ විකාශය වන අතිශය ජනප්රිය ‘රීචර්’ (Reacher) කතා මාලාවේ ප්රධාන චරිතය රඟපාන ඇලන් රිච්සන් මේ දිනවල රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. ඔහු ජෝෂ් හොරොවිට්ස්ගේ පොඩ්කාස්ට් වැඩසටහනකට එක්වෙමින් පවසා තිබුණේ, තමන්ට මේ චරිතය තවත් බොහෝ කාලයක් රඟපාන්න ආසාවක් තියෙන බවයි. විශේෂයෙන්ම ඔහු සඳහන් කළේ ‘රීචර්’ කතා මාලාව අවම වශයෙන් කථාංග වාර 10ක් දක්වා ගෙන යාම ඔහුගේ බලාපොරොත්තුව බවයි. මේක ඇත්තටම රසිකයන්ට වගේම නිෂ්පාදකයන්ටත් ලොකු සතුටක් ගෙන දෙන ආරංචියක්.
දැනටමත් මේ කතා මාලාවේ 4 වැනි වාරය එළිදැක්වීමට සූදානම් වන අතර, 5 වැනි වාරයේ වැඩකටයුතුත් ආරම්භ කරලා ඉවරයි. ලී චයිල්ඩ්ගේ නවකතා මාලාව මත පදනම්ව නිර්මාණය වන මේ කතා මාලාවට තවමත් කතා තේමා ඕනෑ තරම් ඉතිරි වෙලා තියෙනවා. රිච්සන් කියන විදිහට, කතා වාර 10ක් දක්වා යාමෙන් ප්රේක්ෂකයන්ට වගේම මුල් කෘතියේ කර්තෘවරයාටත් කරන ලොකු ගෞරවයක් වෙනවා. කොහොම වුණත්, නිෂ්පාදන කණ්ඩායම මේ වන විටත් 4 වැනි වාරය වෙනුවෙන් ලොකු වෙහෙසක් දරමින් ඉන්නවා. ඉදිරියේදී රීචර්ගේ මේ ගමන කොතෙක් දුරට සාර්ථක වේවිද කියලා බලාගන්න රසිකයන් ගොඩක් උනන්දුවෙන් ඉන්නවා.

Discussion & Feedback