අභ්යවකාශය කියන්නේ හරිම අමුතු තැනක් කියලා අපි දන්නවානේ. ඉතින් මේ අභ්යවකාශයේ තියෙන දූවිලි සහ වායු අතරේ ‘එරිත්රියුලෝස්’ (erythrulose) කියන සීනි වර්ගයක් විද්යාඥයන් හොයාගෙන තියෙනවා. මේක හරියටම අපි කන රාස්ප්බෙරි වල තියෙන සීනි වර්ගයට සමානයි. මීට කලින් අභ්යවකාශයේ සීනි වගේ දේවල් හම්බවෙලා තිබුණත්, මේ විදිහට ‘සැබෑ සීනි’ අණුවක් අන්තර් තාරකා මාධ්යයකින් හොයාගත්ත පළවෙනි වතාව මේකයි. මේ සොයාගැනීම ඇත්තටම හරිම වැදගත් වෙන්නේ, ජීවයේ මූලික අංගයක් වන RNA වගේ දේවල් හැදෙන්න මේ වගේ සීනි අණු උදව් වෙන නිසා.
මේ සීනි අණු අභ්යවකාශයේ ස්වභාවිකවම හැදෙනවා කියලා තමයි පර්යේෂකයන් කියන්නේ. මේවා තරු සහ ග්රහලෝක හැදෙන දැවැන්ත දූවිලි වලාකුළු ඇතුළේ තියෙන්න පුළුවන්. ඉතින් මේ සීනි අණු උල්කාපාත හෝ වල්ගාතරු හරහා අලුතින් හැදෙන ග්රහලෝක වලට වැටුණාම, ඒවා ජීවය පටන් ගන්න අවශ්ය මූලික අමුද්රව්ය විදිහට ක්රියා කරන්න ඉඩ තියෙනවා. සමහර විට මීට අවුරුදු බිලියන හතරකට කලින් පෘථිවියටත් මේ වගේ උල්කාපාත හරහා ජීවයේ බීජ ලැබෙන්න ඇති කියලා විද්යාඥයන් හිතනවා. මේ සොයාගැනීමෙන් පේන්නේ අපේ විශ්වය ජීවය බිහිවෙන්න අවශ්ය දේවල් වලින් පිරිලා තියෙන බවයි. මේ ගැන වැඩිදුර තොරතුරු ‘නේචර් ඇස්ට්රොනොමි’ සඟරාවේ පළවෙලා තියෙනවා.

Discussion & Feedback