ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ජෙනිටාර් නාමෝනා කියන මව පසුගිය දා ඉතාමත් දුර්ලභ ගණයේ දරු උපතකට මුහුණ දුන්නා. ඇය ස්වභාවිකවම පිළිසිඳ ගත් එකම කලලයකින් හටගත් නිවුන් දියණියන් සිව්දෙනෙකු බිහි කර තිබෙනවා. වෛද්‍යවරුන් පවසන විදිහට මෙවැනි සිදුවීමක් වාර්තා වෙන්නේ මිලියන 15කට වරක් වගේ ඉතාමත් කලාතුරකින්. ගර්භණී සමයේදී ඉතාමත් අවදානම් තත්ත්වයකට මුහුණ දුන්නත්, වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සති 28ක් සහ දින හතරක් ගිය තැන සිසේරියන් සැත්කමක් මගින් මේ දියණියන් සිව්දෙනා නිරෝගීව මෙලොව එළිය දැක්කා. මේ වන විටත් ඔවුන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉතා හොඳින් සුවය ලබමින් ඉන්නවා.
මේ දියණියන් සිව්දෙනාට එමිලි, හැරියට්, කැතරින් සහ ඇලෙක්සා ලෙස නම් තබා තිබෙනවා. ඉන් එක් දියණියකට ඇලෙක්සා කියලා නම තබා තිබෙන්නේ ඇයට මුල සිටම ප්‍රතිකාර කළ වෛද්‍යවරියට ගෞරවයක් විදිහටයි. දැනටමත් දරුවන් හතර දෙනෙකු සිටින මේ පවුලට අලුතින් එකතු වුණු මේ දියණියන් සිව්දෙනා නිසා ඔවුන්ගේ පවුල දැන් දරුවන් අට දෙනෙකුගෙන් සමන්විතයි. මේ අලුත් අමුත්තන් නිසා ඇති වුණු වියදම් සහ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් ඔවුන් අන්තර්ජාලය හරහා ආධාර ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සඳහා ලොව පුරා සිටින බොහෝ දෙනෙක් මේ වන විටත් උදව් උපකාර කරමින් සිටිනවා. ඇත්තටම මේ සිදුවීම මුළු ලෝකයේම අවධානය දිනාගත් ඉතාමත් අපූරු සහ දුර්ලභ සිදුවීමක්.

Discussion & Feedback