හොලිවුඩයේ අතිශය ජනප්රිය ‘Emergency!’ ටෙලි නාට්ය මාලාව හරහා ලොව පුරා රසිකයින්ගේ ආදරය දිනාගත් රංගන ශිල්පී රැන්ඩොල්ෆ් මෑන්තුත් වයස අවුරුදු 80 දී අභාවප්රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු කැලිෆෝනියාවේ වෙන්චුරා හි පිහිටි සාත්තු නිවාසයකදී මියගිය බව ඔහුගේ පවුලේ අය තහවුරු කර තිබෙනවා. 1970 දශකයේ මුල් භාගයේදී රංගන ක්ෂේත්රයට පිවිසි ඔහු, ‘Emergency!’ කතා මාලාවේ ‘ජෝන් ගේජ්’ නම් පැරාමෙඩිකල් නිලධාරියා ලෙස රඟපාමින් ලොව පුරා සිටින බොහෝ දෙනෙකුට වෛද්ය සහ ගිනි නිවන සේවා කෙරෙහි උනන්දුවක් ඇති කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා.
ඔහුගේ රංගන දිවිය තුළ ‘As the World Turns’, ‘One Life to Live’ සහ ‘The City’ වැනි ජනප්රිය සෝප් ඔපෙරා රැසකට දායක වූ අතර, ‘Charlie’s Angels’, ‘MacGyver’ සහ ‘Criminal Minds’ වැනි සුප්රසිද්ධ කතා මාලාවල ද ඔහු රඟපෑවා. විශේෂයෙන්ම ‘Emergency!’ කතා මාලාව හරහා ඔහු සහ ඔහුගේ සහාය නළුවා වූ කෙවින් ටයිග් විසින් නිරූපණය කළ චරිත, එකල බොහෝ දෙනෙකුට ආදර්ශයක් වුණා. අදටත් බොහෝ දෙනා සිහිපත් කරන්නේ ඔහු වැනි දක්ෂ නළුවෙකුගේ වියෝව සිනමා ක්ෂේත්රයට විශාල පාඩුවක් බවයි. ඔහුගේ රංගනයෙන් රසිකයින්ගේ සිත් තුළ ඉතිරි වූ මතකයන් කිසිදා මැකී යන්නේ නැහැ. රැන්ඩොල්ෆ් මෑන්තුත් මහතාට නිවන් සුව ප්රාර්ථනා කරමු.

Discussion & Feedback