ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල නිවස අසල පැවති විරෝධතාවයකට එක්වූ විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ සහ රජයේ වගවීම ඉල්ලා සිසුන් විසින් දියත් කරපු මේ ‘කොක්රෝච්’ විරෝධතා ව්‍යාපාරය මේ වන විට රට පුරාම ලොකු ආන්දෝලනයක් ඇති කරලා තියෙනවා. අත්අඩංගුවට ගැනීමට පෙර රාහුල් ගාන්ධි ප්‍රසිද්ධියේම ඉල්ලා සිටියේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු අදාළ අමාත්‍යවරුන් වහාම සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි. ප්‍රියංකා ගාන්ධි ඇතුළු කොංග්රස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයන් පිරිසක්ද මේ විරෝධතාවයට එක්වී සිටි අතර, ඔවුන්ව බලහත්කාරයෙන් පොලිසිය විසින් ඉවත් කරන අයුරු සමාජ මාධ්‍යවලත් දැකගන්න ලැබුණා.
දිල්ලි නුවර ජන්තා මන්තර් ප්‍රදේශයේ දහස් ගණනක් ජනතාව මේ වන විටත් විරෝධතාවයේ නිරත වෙමින් ඉන්නේ අධ්‍යාපන ඇමතිවරයා ඉල්ලා අස්වන තුරු සටන නතර නොකරන බව පවසමින්. පසුගිය සඳුදා ඇති වූ ගැටුම්වලින් ආරක්ෂක අංශ සාමාජිකයන් සහ විරෝධතාකරුවන් ඇතුළු 180කට වැඩි පිරිසක් තුවාල ලබා තියෙනවා. පොලිසිය විසින් කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කළත්, මේ වන විට සිසුන් පමණක් නොව වෘත්තිකයන් සහ පවුල්වල අය පවා මේ සටනට එකතු වෙලා ඉන්නවා. මෝදි රජයට මුහුණ දීමට සිදුව ඇති ප්‍රබලම මහජන අභියෝගය බවට මේ විරෝධතා ව්‍යාපාරය පත්වෙලා තියෙනවා.

Discussion & Feedback