අභ්යවකාශයේදී ගගනගාමීන්ට මුහුණ දෙන්න වෙන ලොකුම අභියෝගයක් තමයි සූර්යයාගෙන් නිකුත් වෙන අහිතකර විකිරණ. නාසා ආයතනයේ ආටෙමිස් සඳ ගමන වගේ අනාගත අභ්යවකාශ මෙහෙයුම් සාර්ථක කරගන්න නම් මේ විකිරණවලින් ගගනගාමීන්ව ආරක්ෂා කරගන්න එක අනිවාර්යයි. මේ වෙනුවෙන් ‘AstroRad’ නමින් හඳුන්වන විශේෂ විකිරණ ආරක්ෂිත කබායක් නිර්මාණය කරලා තියෙනවා. මේ කබාය නිර්මාණය කරලා තියෙන්නේ ඊශ්රායලයේ StemRad ආයතනය සහ ලොක්හීඩ් මාටින් සමාගම එකතු වෙලා. සාමාන්යයෙන් ඊයම් වගේ දේවල් විකිරණවලින් ආරක්ෂා වෙන්න පාවිච්චි කළත්, අභ්යවකාශයේදී ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මේ කබාය සඳහා හයිඩ්රජන් බහුල විශේෂ ප්ලාස්ටික් වර්ගයක් තමයි යොදාගෙන තියෙන්නේ.
මේ ප්ලාස්ටික් වර්ගය හරිම සැහැල්ලු වගේම විකිරණවලින් ආරක්ෂා වෙන්න ගොඩක් උදව් වෙනවා. මේ කබාය කිලෝග්රෑම් 26ක් විතර බරයි. විද්යාඥයන් මේක කබායක් විදිහට නිර්මාණය කළේ ඇඟේ තියෙන වැදගත්ම අවයව විකිරණවලින් ආරක්ෂා කරගන්න ඕන නිසා. මුළු ඇඟම වැහෙන ඇඳුමක් අඳින එක ගගනගාමීන්ට අපහසු වුණත්, මේ විදිහේ කබායක් ඇඳගෙන වැඩ කරන එක ගොඩක් පහසුයි. ආටෙමිස් මෙහෙයුමේදී මේ කබාය සාර්ථකව පරීක්ෂා කරලා තියෙනවා. මේ නව සොයාගැනීම නිසා අනාගතයේදී සඳට සහ අඟහරු ග්රහයාට යන ගගනගාමීන්ගේ ජීවිත ආරක්ෂාවට ලොකු පිටුවහලක් ලැබෙනවා.

Discussion & Feedback