ගුවන් සේවිකාවක ලෙස වසර ගණනාවක් සේවය කළ සොෆී ලෙනෝල්ට් නම් කාන්තාවකට වැළඳුණු පියයුරු පිළිකාවට ඇය සේවය කළ ගුවන් යානා තුළ පවතින අභ්‍යවකාශ විකිරණ සෘජුවම බලපා ඇති බව ප්‍රංශ අධිකරණයක් විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් තහවුරු කර තිබෙනවා. වසර 30ක් පුරා එයාර් ප්‍රාන්ස් ගුවන් සේවයේ සේවය කළ ඇය, තම රෝගී තත්ත්වය වෘත්තීය රෝගයක් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටි අතර, අධිකරණය පෙන්වා දුන්නේ අභ්‍යවකාශ විකිරණ, රාත්‍රී කාලයේ වැඩ කිරීම සහ අතීතයේ ගුවන් යානා තුළ පැවති දුම්පානය යන සාධක තුන ඇයගේ පිළිකා රෝගයට හේතු වී ඇති බවයි. මෙම තීන්දුවත් සමඟ ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රජයෙන් සම්පූර්ණ වියදම ලැබෙන අතර, ඇයට ඉක්මනින් විශ්‍රාම ගැනීමට ද අවස්ථාව හිමිව තිබෙනවා.
මෙම සිදුවීම ගුවන් සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව පිළිබඳ ලෝකයම කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් කර තිබෙනවා. විශේෂයෙන්ම උත්තර ධ්‍රැවය ආශ්‍රිතව සිදුකරන දිගු දුර ගුවන් ගමන්වලදී අභ්‍යවකාශ විකිරණවලට නිරාවරණය වීමේ වැඩි අවදානමක් පවතින බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. හාවඩ් වෛද්‍ය විද්‍යාලය මගින් සිදුකළ මෑතකාලීන පර්යේෂණයකින් ද අනාවරණය වී ඇත්තේ අනෙකුත් වෘත්තීන් හා සැසඳීමේදී ගුවන් නියමුවන් සහ ගුවන් සේවක සේවිකාවන් අතර විකිරණ ආශ්රිත පිළිකා මරණ ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. මේ වන විටත් පිළිකා රෝගීන් බවට පත් වූ ගුවන් සේවක සේවිකාවන් 180කට අධික පිරිසක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන අතර, මෙම අධිකරණ තීන්දුව ඔවුන්ට විශාල ශක්තියක් වනු ඇති බව නීතිඥයින් පවසනවා.

Discussion & Feedback