ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් අතරතුරදී, කටාර් හමුදා කඳවුරකට පහරදීමට ගිය ඉරාන ප්‍රහාරක ජෙට් යානා දෙකක් කටාර් ගුවන් ආරක්ෂක පද්ධති මගින් බිම හෙළා තිබෙනවා. මේ සිදුවීමෙන් පසු අතුරුදහන් වූ ඉරාන ගුවන් නියමුවන් තිදෙනෙකු කටාර් රාජ්‍යය විසින් අත්අඩංගුවට ගෙන සිටින බව ඉරාන බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් බාගර්සාඩේ පවසනවා. ඔහු ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ, ජවාද් සාලේහි, අබ්දුල් මජීඩ් දෂ්තියන් සහ ඉම්රාන් බෙහ්රෝෂියන් යන නියමුවන් මාස හයක කාලයක් තිස්සේ රඳවාගෙන සිටින බවයි. එම මෙහෙයුමේදීම මියගිය තවත් නියමුවෙකුගේ දේහය පමණක් ඉරානයට භාර දී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
කෙසේ වෙතත්, ඉරානයේ මෙම චෝදනා කටාර් රාජ්‍යය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. කටාර් විදේශ කටයුතු ප්‍රකාශක මජෙඩ් මොහොමඩ් අල් අන්සාරි පවසන්නේ, ඉරාන නියමුවන් කටාර් ගුවන් සීමාව උල්ලංඝනය කළ අවස්ථාවේදී ඔවුන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඉරානයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි. තම රට ආරක්ෂා කර ගැනීම සඳහා ජාත්‍යන්තර නීතියට අනුව පියවර ගත් බවත්, සෙවීම් කටයුතු සිදු කළත් අතුරුදහන් වූ නියමුවන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති බවත් ඔහු අවධාරණය කරනවා. මේ වන විට දෙරට අතර පවතින මෙම මතභේදය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙන අතර, සිරකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ඉරානය නගන චෝදනා සම්බන්ධයෙන් තවමත් ස්ථිර විසඳුමක් ලැබී නැහැ.

Discussion & Feedback