කළුතර මුස්ලිම් මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුවන් වෙනුවෙන් කටාර් චැරිටි ආයතනය විසින් රුපියල් මිලියන 83ක වියදමින් අති නවීන විද්‍යාගාර ගොඩනැගිල්ලක් ඉදිකර ලබා දී තිබෙනවා. මහල් තුනකින් සමන්විත මෙම ගොඩනැගිල්ල තුළ රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ සාමාන්‍ය විද්‍යාව සඳහා වෙන් වූ විද්‍යාගාර හතරක් අන්තර්ගතයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ඉගෙනුම ලබන සිසුන් 1,500කට අධික පිරිසකට මෙහි ප්රතිලාභ හිමිවන අතර, ඩිජිටල් තාක්ෂණයෙන් සමන්විත පන්ති කාමර ද මෙහි තිබීම විශේෂත්වයක්. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා සහ ශ්‍රී ලංකාවේ කටාර් තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ කටාර් චැරිටි ආයතනයේ අධ්යක්ෂ මහමුද් අබු කලීෆා මහතා සඳහන් කළේ, අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය රටක අනාගතය වෙනුවෙන් කරන විශාලම දායාදය බවයි. නවීන උපකරණ සහ පහසුකම් සහිත මෙම විද්‍යාගාර නිසා සිසුන්ට ප්‍රායෝගිකව විද්‍යාත්මක පර්යේෂණවල නිරත වෙමින් තම දැනුම වර්ධනය කරගන්න පුළුවන්. මීට පෙර ත්‍රිකුණාමලය සහ අම්පාර ප්‍රදේශවලත් මෙවැනිම අධ්‍යාපනික ව්‍යාපෘති ක්‍රියාත්මක කළ බවත්, ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය නංවාලීමට කටාර් චැරිටි ආයතනය බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා. මෙම ව්‍යාපෘතිය මගින් සිසුන්ගේ නිර්මාණශීලීත්වය සහ විද්‍යාත්මක චින්තනය දියුණු වනු ඇතැයි විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය විශාල බලාපොරොත්තුවක් තබා තිබෙනවා.

Discussion & Feedback