රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනය ආක්රමණය කිරීම නතර කිරීමට කිසිදු සූදානමක් නැති බවයි මේ වන විට පැහැදිලි වෙන්නේ. පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පුටින්ගේ පක්ෂයට විශාල ජයක් හිමිවීමත් සමඟ ඔහු තවදුරටත් බලවත් වෙලා. යුද්ධය නිසා රුසියානු ආර්ථිකයට සහ හමුදාවට විශාල හානි සිදුවුණත්, තමන්ට යුද ජයග්රහණයක් ලබාගත හැකි බවට පුටින් තවමත් දැඩි විශ්වාසයකින් ඉන්නවා. විශේෂයෙන්ම යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධති දුර්වල වීම සහ ශීත සෘතුවේදී එල්ල කරන ප්රහාර මගින් යුක්රේනය පීඩනයට පත් කිරීම රුසියාවේ ප්රධාන උපාය මාර්ගයක් වෙලා තියෙනවා.
මේ අතර රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් පවසන්නේ යුරෝපය රුසියාවට එරෙහිව යුද්ධයක් දියත් කර ඇති බවයි. යුක්රේනයට අවි ආයුධ ලබාදීම හරහා යුරෝපීය රටවල් මෙම ගැටුම දිගු කරන බව රුසියාව දිගින් දිගටම චෝදනා කරනවා. යුරෝපීය රටවල සහයෝගය අඩු කිරීම සඳහා රුසියාව සයිබර් ප්රහාර සහ වෙනත් රහසිගත ක්රියාමාර්ග හරහා ‘අළු කලාපයක’ යුද්ධයක් ගෙන යන බවට බටහිර රටවල් සැක කරනවා. කෙසේ වෙතත්, නේටෝ සාමාජික රටක් සමඟ සෘජු යුද්ධයකට යාමට රුසියාවට හැකියාවක් හෝ අදහසක් ඇති බවක් පෙනෙන්නට නැහැ. නමුත් යුරෝපය බිය ගැන්වීම හරහා යුක්රේනයට ලැබෙන සහයෝගය කපා හැරීම ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවයි විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback