යුක්රේනය විසින් රුසියාවේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාව තුළ දැඩි ඉන්ධන හිඟයක් ඇතිවී තිබෙනවා. මොස්කව් සිට ක්රිමියාව දක්වා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන අතර, බොහෝ ප්‍රදේශවල ඉන්ධන සීමා කිරීම් පවා ක්‍රියාත්මකයි. සාමාන්‍යයෙන් මෙවැනි කරුණු සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, මේ පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් පවතින අර්බුදය ප්‍රථම වරට පිළිගැනීම විශේෂත්වයක්. විශේෂයෙන්ම ක්‍රිමියාවේ ඉන්ධන තොග ඉතා සීමිත මට්ටමක පවතින බවත්, කෘෂිකාර්මික කටයුතු සඳහා පවා ඉන්ධන සැපයුම අත්‍යවශ්‍ය බවත් ඔහු පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම ඉන්ධන හිඟය තීරණාත්මක මට්ටමක නොමැති බව පුටින් අවධාරණය කරනවා. රුසියානු බලශක්ති යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා ගුවන් ආරක්ෂක පද්ධති නිෂ්පාදනය වැඩි කරන බවත්, හානියට පත් තෙල් පිරිපහදු කඩිනමින් අලුත්වැඩියා කරන බවත් ඔහු පොරොන්දු වුණා. යුක්රේනයේ මෙම ප්‍රහාරවල අරමුණ රුසියානු සමාජය බෙදා වෙන් කිරීම සහ යුද්ධයට ඇති සහයෝගය අඩු කිරීම බව පුටින් චෝදනා කරනවා. නමුත් රුසියාවේ යුද සැලසුම්වල කිසිදු වෙනසක් සිදු නොවන බවත්, පෙරමුණේ සටන්වලට මෙම ප්‍රහාරවලින් බලපෑමක් නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. කෙසේ වෙතත්, යුක්රේන බලධාරීන් පවසන්නේ මෙම ප්‍රහාර මගින් රුසියානු හමුදාවේ අවධානය පෙරමුණෙන් වෙනතකට යොමු කිරීමට තමන්ට හැකි වී ඇති බවයි.

Discussion & Feedback