ලොව පුරා රසිකයින්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය සංගීත ශිල්පී ප්‍රින්ස්ගේ 1984 වසරේ තිරගත වූ ‘පර්පල් රේන්’ (Purple Rain) චිත්‍රපටය සහ එම ඇල්බමය ඇසුරින් නිර්මාණය වූ සංගීතමය වේදිකා නාට්‍යය 2027 වසරේදී නිව්යෝර්ක් නුවර බ්‍රෝඩ්වේ වේදිකාවට ගෙන ඒමට සියල්ල සූදානම් කර තිබෙනවා. එහි නිෂ්පාදක ඔරින් වුල්ෆ් පවසන පරිදි, 2027 මාර්තු 12 වනදා සිට පෙරදසුන් දර්ශන ආරම්භ වන අතර, අප්‍රේල් 12 වනදා එහි මංගල දර්ශනය පැවැත්වීමට නියමිතයි. ‘When Doves Cry’ සහ ‘I Would Die 4 U’ වැනි ප්‍රින්ස්ගේ අමරණීය ගීත 20කට අධික ප්‍රමාණයක් මෙම නිර්මාණයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
මෙම වේදිකා නාට්‍යය 1984 වසරේ මිනියාපොලිස් නගරයේ පසුබිමක සිදුවන කතාවක් වටා ගෙතී තිබෙනවා. තරුණ සංගීත ශිල්පියෙකු වන ‘ද කිඩ්’ (The Kid) තමාගේ අතීතයේ තිබෙන ගැටලු මැදින් සංගීත ලෝකයේ ඉහළටම යාමට දරන උත්සාහය මෙහිදී දැකගන්න පුළුවන්. ටෝනි සම්මාන නිර්දේශිත සාහීම් අලි විසින් අධ්‍යක්ෂණය කරන මෙම නිර්මාණය සඳහා ප්‍රින්ස් සමඟ සමීපව කටයුතු කළ සංගීත උපදේශකයින් පවා දායකත්වය ලබා දෙනවා. දැනට රංගන ශිල්පීන් කවුරුන්ද යන්න නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති වුවත්, මෙම දැවැන්ත සංගීතමය අත්දැකීම නැරඹීමට ලොව පුරා සිටින ප්‍රින්ස්ගේ රසිකයින් මේ වන විටත් විශාල බලාපොරොත්තුවකින් පසුවනවා.

Discussion & Feedback